ඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා, තරුණ නායකත්වය හරහා ඉස්මතු විය යුතු යි - නාමල් රාජපක්ෂ

ඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා, තරුණ නායකත්වය හරහා ඉස්මතු විය යුතු යි - නාමල් රාජපක්ෂ

වගකිවයුතු නායකත්වය, කලාපීය සහයෝගීතාවය සඳහා තරුණයින් විශාල මෙහෙවරක් ඉටු කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඔඩිසාවේ කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ (KIIT) පැවති 77 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය අමතමිනි.

නායකත්වය යනු තනතුරක් නොව වගකීමකි  

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ නායකත්වය යනු තනතුරක් නොව, එය වගකීමක බවයි; එය බෙදාගත් ඉලක්ක සපුරා ගැනීම සඳහා අන් අයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් බවයි.

කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයට ප්‍රශංසා කරමින් රාජපක්ෂ පැවසුවේ මෙම ආයතන තාක්ෂණය හා නවෝත්පාදනය පමණක් නොව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද  උද්යෝගිමත් තරුණ නායකයින් ද හැඩගස්වන බවයි. අධ්‍යාපනය සඳහා මෙන්ම ක්‍රීඩාව පිළිබඳ සාක්ෂි ලෙස ඉන්දියා විශ්වවිද්‍යාල ක්‍රීඩා සහ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී  මෙම ආයතනය ලබාගත්  ජයග්‍රහණ පෙන්වා දුන්නේ ය.

දේශගුණික විපර්යාස ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත

අර්බුදකාරී කාලවල දී, විශේෂයෙන් 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා අතරතුර සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබා දුන් ආධාර සහ උපකාර සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ රාජපක්ෂ, අභියෝගාත්මක අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාව සමග සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනතාවට ස්තූති කළේ ය.කලාපීය සහයෝගීතාව අවධාරණය කරමින් ඔහු පැවසුවේ දකුණු ආසියාවේ සහයෝගීතාවය යනු හුදෙක් සටන් පාඨයක් පමණක් නොව, අපහසු කාලවල දී ඉන් ජය ගැනීමට සහ ශක්තිමත්, වඩා ස්ථාවර සමාජයන් නැවත ගොඩනැගීමට ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවයි. ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඔඩිසාහි ගෝලීය පිළිගැනීම ඉස්මතු කරමින්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඉවත් කිරීමේ සැලසුම් සහ ප්‍රජා බලගැන්වීම යන ක්ෂේත්‍රවල එහි දියුණුව ඔහු සඳහන් කළ අතර, දේශගුණික විපර්යාස ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව පැවසීය.

නිදහස ලබුණේ සටන් කිරිමෙන්

ඉන්දියාවට ඔඩිසාහි දායකත්වය පිළිබිඹු කරමින්,සුභාෂ් චන්ද්‍ර බෝස්, හිටපු ජනාධිපති වී. වී. ගිරි සහ වත්මන් ජනාධිපති ද්‍රෞපදී මුර්මු යනාදි ජාතික නායකයින් උපුටා දක්වමින් රාජපක්ෂ, සංස්කෘතිය, අනන්‍යතාව සහ නූතනත්වය සහජීවනයෙන් හා ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රතිරූප ලෙස  විස්තර කළේ ය. 1950 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මගින් පුරවැසියන් අත යුක්තිය, නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය තහවුරු කරන ලද බව සඳහන් කරමින්, ඉන්දියාවේ ජනරජ දිනයේ වැදගත්කම ද ඔහු සිහිපත් කළේ ය. තව ද නිදහස ලබුණේ සටන් කිරිමෙන් බව ද නාමල් රාජපක්ෂ පැවසී ය.

ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික වැදගත්කමක් ලබා ගනිමින් සිටිනවා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින්, රාම-රාවණ බඳු ජනප්‍රවාද සහ ක්‍රිකට් ඇතුළු පොදු දේ ගැන ඔහු සඳහන් කළ අතර, ඒවා දෙරට අතර අඛණ්ඩ බැඳීමක් ඇති කරන බව ද පැවසී ය. කලාපීය භූ දේශපාලනය පිළිබඳ අදහස් දක්වමින් නාමල්  රාජපක්ෂ  පැවසුවේ වෙනස්වන ගෝලීය බලය මධ්‍යයේ ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික වැදගත්කමක් ලබා ගනිමින් සිටින බව යි. ආධිපත්‍යය හෝ යැපීම මත පදනම් වූ ප්‍රවේශයන්ට එරෙහිව ඔහු අනතුරු ඇඟවූ අතර, ඒ වෙනුවට ස්ථාවරත්වය සහ සාමූහික වර්ධනය සහතික කිරීම සඳහා හවුල් අවබෝධය, වගකීම සහ සමෘද්ධිය ඉල්ලා සිටියේ ය.

අනාගත අභියෝගවලට මුහුණ දීමට ධෛර්යය අත්‍යවශ්‍ය යි

සිය දේශනය අවසන් කරමින් රාජපක්ෂ අවධාරණය කළේ, ඔඩිසා ශ්‍රී ලංකාව සහ පුළුල් කලාපය පුරා තම නායකත්වය නිපුණතාවය, චරිතය සහ ධෛර්යය තුළ පදනම් කර ගන්නා ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේ ය. ක්‍රියාත්මක කිරීමකින් තොරව සටන් පාඨ අසාර්ථක වන බවත්, ආචාර ධර්ම නොමැතිවීම  බලය සූරාකෑමට තුඩු දෙන බවත්, දරිද්‍රතාවය, රැකියා නියුක්තිය, තාක්ෂණය සහ ජාතික ගෞරවය සම්බන්ධ අනාගත අභියෝගවලට මුහුණ දීමට ධෛර්යය අත්‍යවශ්‍ය වන බවත් ඔහු පැවසී ය.

 

namal2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න