ආණ්ඩුව මාස අටකට අධික කාලයක් විගණකාධිපති ධුරය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයකු පත් කිරීම කල් දමමින් සිටි අවස්ථාවේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා පත් කරන ලෙස මහානායක ස්වාමීන් වහන්සේලා ආණ්ඩුවට ලිඛිතව දන්වා ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද (28) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර...
ව්‍යස්ථාදායක සභාවට අලුත් සමාජිකයන් තිදෙනෙක්
‘‘ව්‍යවස්ථාදායක සභාවට නිලධාරින් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී තිබුණා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් සහ රාජ්‍ය පාලනය වෙනුවෙන් ව්‍යස්ථාදායක සභාවට අලුත් සමාජිකයන් තිදෙනෙක් පත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ වගේම රටේ දුෂණ වංචා සම්බන්ධයෙන්, රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. රටේ විගණකාධිපතිවරයා ලෙස පත් කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අද්දැකීම් තිබෙන, පලපුරුද්ද තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින්. නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිටියදී ආණ්ඩුවට සම්බන්ධ , ජනාධිපතිවරයා ගේ හිතවතුන් විගණකාධිපතිධුරයට පත් කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව උත්සාහයක නිරත වුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාව ඒ සඳහා අනුමැතිය ලබාදිමට කටයුතු කළේ නැහැ.
ආණ්ඩුව, මහා සංඝරත්නයේ උපදෙස් පිළිපදීවි ද...?
රටේ සිදුවණ වංචා දූෂණ හෙළිවීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට හිතවත් විගණකාධිපතිවරයෙක් පත් කරගන්න ආණ්ඩුව උත්සහ දරනවා. ඒ වගේම විගණකාධිපතිවරයෙක් වහාම පත් කරන්න කටයුතු කරන්න ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. අවසානයේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා පත් කරන ලෙස මහානායක ස්වාමීන් වහන්සේලාට ආණ්ඩුවට ලිඛිතව දන්වන්න සිද්ධ වුණා.
කෙසේ නමුත් විගණකාධිපතිවරයා පත් කිරීම තව තවත් ප්‍රමාද කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. ආණ්ඩුවට උපදෙස් ලබාදීමට මහානායක හිමිවරුන්ට අයිතියක් තිබෙනවා. එයත් වළක්වාලන්න ආණ්ඩුව යම් උත්සාහයක නිරත වෙනවා. මහා සංඝරත්නයේ උපදෙස් ආණ්ඩුව පිළිපදිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රටේ සියලුම දෙනා අවධානයෙන් සිටිනවා.''

