අනුරාධපුර රාජාංගනය දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවෙස් හිමියන් 17කට ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් ලබාදුන් චෙක්පත් අතුරින් අඩකට වැඩි ප්‍රමාණයක් අඟුරු වී ඇතැයි මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
මානව හිමිකම් කේන්ද්‍රය මේ තොරතුරු සදහන් කරන්නේ එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්තා තෙන්නකෝන් ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයකිනි.
රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව ගිණුමේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, චෙක්පත් ගෙවීම් අත්හිටුවන්නේ නම් එය ට පිළිගත හැකි කරුණු තිබිය යුතුය අතර, සියල්ලට ම පෙර අදාළ ගෙවීමට බලය දුන්, අනුමත කළ සහ සහතික කළ නිලධාරීන් පිළිබඳව විමර්ශන සිදු කළ යුතු යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේමානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්තා තෙන්නකෝන් ගේ අත්සනින් යුත් සම්පූර්ණ මාධය නිවේදනය යි.

