ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ අවධාරණය කර තිබීම අගය කරන බවත්, එවන් කැපවීමක් සහිත ආණ්ඩුවක් පැවතීම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවක්
බව විශ්වාස කරන බවත්, එමෙන්ම, පුනරුද යුගයක් ගොඩගැනීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක් බව ද තරයේ විශ්වාස කරන්නේ යැයි One-Text Initiative ආයතනය සඳහන් කරයි.
එම ආයතනය මේ බව සදහන් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමිනි.
මෙම ලිපියට: අධිනීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ, ආචාර්ය අතුලසිරි සමරකෝන්, නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ, නීතිඥ විරංජන හේරත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, නීතිඥ ඒ. එම්. ෆායිස්, නීතිඥ ශිරාල් ලක්තිලක, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය (නීතිඥ) නිමල්කා ප්‍රනාන්දු, කරුණාරත්න පරණවිතාන, නීතිඥ සමන් සේනාධීර සහ නීතිඥ ජනක රණතුංග යන අය අත්සන් තබා ඇත.
මතු පළ වන්නේ One-Text Initiative ආයතනය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය යි.

