ආණ්ඩුවේ වංචා වන: ගල් අඟුරු වංචාව, කන්ටේනර් පැන්නිම යනාදිය වසා ගැනීම සඳහා තමන් අධිකරණයට කැඳවා ඵලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
සිස්ටම් එක තිබුණටත් වඩා පස්සට ඇදගෙන යනවා
''ආණ්ඩුවේ වංචාවල් වහගන්න, ගල් අඟුරු වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැඳවලා ඵලක් වෙන්නෙ නෑ. කාලිංග විශ්වවිද්‍යාලයෙන් මට ආරාධනා කරලා තිබුණා විශේෂ දේශනයකට ඉන්දියානු ජනරජ දිනයේ දී. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා දේශනය කරලා ආවා. ඉතින් මෙහේ සමහර අය කලබල වෙලා යම්කිසි කෙනෙක්ට දේශනයක් දෙන්න විශ්වවිද්‍යාලයකට ආරාධනා කරාම කලබල වෙන්න ඕන නෑ. ඒ නිසා ඉතින් ඒ අයට කියන්න ඕන මේක පළවෙනි දේශනයක් නෙවෙයි; තව ඉස්සරහට තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීම ද, තවත් කෙනෙක්ට ලැබෙන පිළිගැනීම ද හොයනවට වඩා ආණ්ඩුව ආපු කාරණය කරගන්න බැරි උණ නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. මේ අය ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඉතින් තිබුණටත් වඩා සිස්ටම් එක පස්සට ඇදගෙන යන ගමන් මේ සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරගෙන යන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා තමයි මට දැනෙන්නේ මේ අය කලබල වෙලා තියෙන්නේ කියලා. මොකද ඒ අයටත් දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුළින් රට තුළින් තමන්ට විරෝධයක් එල්ල වෙනවා කියන කාරණය ගැන. ඔව් දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළෙ ම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාස හිරේ දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්සරහ පේළියේ නැගිටලා කිව්වා ජනවාරි මාසෙ බලාගමු හිරේ දානවා කියලා. අවශ්‍ය කැඳවීම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට කණගාටුයි. අන්දරේ රජවෙලා . අද රජ අන්දරේ කෙනෙක් වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරපු පොලිස්පතිවරයා රටේ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දන්නේ නෑ.
තංගල්ල සිට කොළඹට තියෙන දුර පොලිස්පතිවරයා දන්නේ නෑ
දෙපාර්තමේන්තුවට එන්න කියලා ලියුම එන්න සතියකට පෙර හම්බන්තොට උසාවියට මෝසමක් දාලා, පොලිසියත් කැඳවලා උසාවියට මට පෙනී සිටින්න එදිනට වෙන්නෑ කියලා කියලා දැනුම් දුන්නා. මාධ්‍යයෙත් ගියා. ඒ එක්කම ඉතිං මාලිමාවේ සම්බන්ධ බොහෝ අය කලබල වෙලා මට බණින්නත් පටන් ගත්තා. හැබැයි අනිත් පැත්තට උදේ නවය හමාරට පෙනී හිටින්න කියලා නමයයි පනහට ලියුමක් ගෙනත් දෙනවා තංගල්ලට. පොලිස්පතිවරයා දන්නේ නෑ තංගල්ල ඉඳලා කොළඹට තියෙන දුර ගැන. ඉතින් නමය හමාරට එන්න කියලා නමයයි පනහට ලියුම ගෙනත් දීලා තංගල්ලෙන් කොළඹට එන්න කිව්වම කොහොමද එන්නේ? අනික එදා දිනේ කොහොමත් හම්බන්තොට උසාවි දිනේ. ඒ නඩුවත් පොලිසිය තමයි මෙහෙයවන්නේ. ඒ නඩුවත්, අර උද්ඝෝෂණයට ගිහිල්ලා හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ බේරගන්න. ඒ පොලිස්පතිවරයා කොහෙද සංවිධානාත්මක අපරාධ නවත්වන්නේ පොලිස්පතිවරයා දන්නේ නැත්නම් තමන්ගේ පොලිසිය මොන අධිකරණය ද මොන තැන් ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔහු ඊට පස්සේ එතනින් එහාට සංවිධානාත්මක අපරාධ වළක්වගන්නව තියා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් මේ පොලිස්පතිවරයා සහ පොලිසියට හැකියාවක් ලැබේද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
රිටන් චෙක්වලට මොකද කරන්නෙ...?
ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ කරුණාකරලා අන්න අර ජනාධිපතිවරයා දීපු චෙක් ටික බවුන්ස් වෙලා රිටන් වෙලා. දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විදියට ඔබ දීපු චෙක් එකක් රිටන් වුනොත් මොකද කරන්නේ? ඔබ ලබා දුන්නු චෙක් එකක් අගරු වුනොත් මොකද වෙන්නේ? ජනාධිපති දුන්න චෙක් ටික රිටන් වෙලා. සුළි කුණාටුවට අහුවෙච්ච ජනතාවට ෂෝ එක නම් දානවා උත්සව කරනවා මෙහේ චෙක් රිටන් වෙනවා. දැන් තමයි ඇත්තට ම බංකොලොත් වෙලා තියෙන්නේ කලින් බංකොලොත් කිව්වට චෙක් රිටන් උනේ නෑනේ.
පැලවත්ත ඇතුළෙ තියාගෙන රාජ්‍යයක් පාලනය කරන්න බෑ
වර්තමාන ජනාධිපතිවරයට වුණත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධයෙන් අපි චෝදනා නගන්නෙ නෑ. පොලිසිය වට කරගෙන ජොගින් යනවා දැක්කා. අපි ඒකට වැරැද්දක් දකින්නේ නෑ ඔහු ජනාධිපතිවරයෙකු ලෙස ආරක්‍ෂා වෙන්න ඕන ඒ වගේම ජනාධිපතිවරයෙක් රාජකාරී මට්ටමෙන් තීන්දුවක් තීරණයක් ගත්තම ඒ තීන්දුව ආරක්ෂා කරේ නැත්නම් මේ සිස්ටම් එක කඩා වැටෙනවා මින් ඉදිරියට කිසි කෙනෙක් තීන්දු තීරණ ගන්නේ නෑ, කිසිම රාජ්‍ය නායකයෙක් තීන්දු තීරණ ගන්නේ නෑ. මතක තියාගන්න ඕනේ රටක් රාජ්‍යයක් පාලනය කිරීම හුදෙකලාව කටයුතු කරන්න බෑ. ගෝලීය දේශපාලනය ඇතුළෙ අපි ඉන්නෙ. ඉතින් මේ රටේ නායකයො හිතනවා නම් මේ රටේ හැංගිලා මේ රට ඇතුළත විතරක් තියාගෙන රටින් එළියට යන්නේ නැතුව පැලවත්ත වටේ ඉඳන් රට පාලනය කරගන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. පැලවත්ත ඇතුළෙ තියාගෙන රාජ්‍යයක් පාලනය කරන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕන.
බාල ගල් අඟුරු සහ දඩ අය කිරීම්
ගරු විනිශ්චකාරවරු සම්බන්ධයෙනුත් මෙවැනිම ආකාරයේ ගැටලු මතු වෙලා තියෙනවා. ඔවුන්ට ස්ථාන මාරුවීම් දුන්නා. තවමත් සමහර විනිශ්චකාරවරුන්ගේ දරුවන්ට පාසලුත් නෑ. අත්තනෝමතික විදියට ආණ්ඩුව අධිකරණ පද්ධතියට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා. පොලිසියට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා. ඔය පොලිසිය පහුගිය කාලේ හරියට වැඩ කරන නිලධාරීනුත් මාරු කරලා තියෙන්නේ. ආණ්ඩුවට තමන්ගේ උවමනාව පරිදි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මැති ඇමතිවරු හිතන් ඉන්න දේ උනේ නැත්තං ඔවුන් හිතන් ඉන්න විදිහට පොලිසිය හැසුරුණේ නැත්නම් අධිකරණයේ හැසිරෙන්නේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව හැසුරුණේ නැත්නම් ඒක ඔවුන්ට හොඳ නෑ. හැබැයි ඔවුන් කියන විදිහට ගල් අඟුරු ගෙනාව ම දඩයක් ගහලා යවන්න පුළුවන්නම් බාල ගල් අඟුරු ගෙනල්ලා කොටි හත්සිය පනහක් ටෙන්ඩර් කැඳවන් නැතුව සීමිත ටෙන්ඩරයකින් කැඳවලා එළියට දෙන්න පුළුවන් නම්, කන්ටේර් තුන්සීය විසිතුනක් එළියට පන්නන්න පුළුවන්නම්, තුනක, කුඩු තියෙනවා කියලා දැනගෙනත් ඔවුන්ට ඕන වෙලාවකට පන්නන්න පුළුවන් නම් එතකොට: පොලිසියත් හොඳයි, නීතිපතිතුමත් හොඳයි, අධිකරණයත් හොඳයි. හැබැයි ඔවුන්ට විරුද්ධව යනකොට තමයි මේ එකක්වත් ඔවුන්ට හොඳ නැති වෙන්නේ. කරුණාකරලා දැන්වත් ආණ්ඩුව මේක තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන.''

