නීපා (Nipah) වෛරසය ආසාදිතයින් ගෙන් සියයට 40 සිට 60 දක්වා මරණ ඇති විය හැකි බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි. ඇතැම් අවස්ථාවල එම අනුපාතය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ. එවැනි රෝගයක් රටකට ඇතුළුවීමේ අවදානම අපි මැන බැලිය යුත්තේ, එය ඇතුළුවීමට ඇති සම්භාවිතාව අනුව නොව, ඇතුළුවුවහොත් ඇතිවන භයානකත්වයේ බර අනුව ය.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් සූදානම්
ඉන්දියාවේ හඳුනාගත් නීපා රෝගීන් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් සූදානම් වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් සිටී. එය බිය වැද්දීමක් නොව, වගකීමකින් යුත් සෞඛ්‍ය ප්‍රතිචාරයකි. තායිලන්තය, හොංකොං, මැලේසියාව සහ සිංගප්පූරුව යනාදි රටවල් මේ වන විටත් ඉන්දියානු ගුවන්යානාවල පැමිණෙන සැක සහිත රෝගීන් අමතර සෞඛ්‍ය පරීක්ෂණ සඳහා ලක් කරමින් සිටී. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි සූදානමක් තවම දක්නට නොලැබේ. කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළෙහි රසායනාගාරය වසා දැමීම හේතුවෙන්, එවැනි පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමේ හැකියාව අපට අහිමි වී ඇත.
මුල්ලේරියාවේ අණුක ජීවී රසායනාගාරය වල් වැදිලා
නීපා වෛරසය හඳුනා ගැනීම සඳහා සුවිශේෂී RT-PCR පරීක්ෂණයක් පවතින අතර, ELISA Antibody පරීක්ෂණ මගින් රුධිරය හා මස්තිෂ්ක සුසුමනා තරල (CSF) පරීක්ෂා කළ හැකි ය. එහෙත්, මේ වන විට එම පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අප රසායනාගාරවල නොමැති බව පැහැදිලි වේ. මේ අතර, ඉන්දියාව ආශ්‍රිත බොහෝ රටවල් මෙම පරීක්ෂණ තත්ත්ව තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ. මෙවැනි අධි අවදානම් වෛරස රෝග සඳහා ම රුපියල් මිලියන 250ක් වැය කරමින් ඉදිකළ මුල්ලේරියාවේ අණුක ජීවී රසායනාගාරය වල් වැදීමට ඉඩ හැර තිබීම කණගාටුවට කරුණකි. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති වූ වංචා සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් හා ජනතාවට පැහැදිලි කිරීමක් සිදු නොවීමත් ගැටලුකාරී ය.
නීපා වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් බහුතරයකට බරපතළ මොළ ආසාදන (Encephalitis), දිගුකාලීන නායු ආබාධ, කෝමා තත්ත්ව සහ සදාකාලික ස්නායු ආබාධ ඇති විය හැකි බව විද්‍යාත්මකව සනාථ වී තිබේ. සෞඛ්‍ය වෘත්තිකයන් අතර ආසාදන අවදානම ඉතා ඉහළ ය. එබැවින්, රටක් ලෙස අපි මෙම රෝගය පිළිබඳ සැලකිය යුත්තේ, එය රටට ඇතුළුවීමට ඇති ඉඩකඩේ ප්‍රමාණයට වඩා, ඇතුළුවුව හොත් ඇතිවන භයානකත්වයේ ප්‍රමාණය මත පදනම්ව ය.
ජාතික මට්ටමේ වහා ක්‍රියාත්මක කළ යුතු කරුණු
v ගුවන් තොටුපළ සෞඛ්‍ය පරීක්ෂණ ශක්තිමත් කිරීම
v RT-PCR සහ ELISA පරීක්ෂණ පහසුකම් නැවත ස්ථාපිත කිරීම
v සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා ආරක්ෂිත උපකරණ (PPE) සහ පුහුණුව
v ජාතික රසායනාගාර ජාලය ශක්තිමත් කිරීම
මෙම කරුණු පිළිබඳ අවධාණය යොමු කර රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශ්ව වහා ප්‍රතිචාර දැක්විය යුතු ය.
රවී කුමුදේශ්
සභාපති - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

