නව විගණකාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන විශේෂ හමුවක් පසුගිය 31 වන දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ශාලාවේදී පැවැත්වූ නමුත් එහිදී විගණකාධිපති ධුරය සඳහා කෙනෙක් පත් කිරීමට එකඟතාවයක් ඇති වී නොමැති බව වාර්තාවේ.
මෙවර මෙම තනතුර උදෙසා ජනාධිපතිවරයා විසින් විගණන දෙපාර්තමේන්තුවේම නිලධාරිනියකගේ නාමය නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, මීට පෙරද ඇයගේ නම යෝජනා වූ අවස්ථාවේදී විවිධ වංචා හා දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් එය ඉවතදමා තිබුණි.
විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී වන ලංකාවේ 41 විගණකාධිපතිවරයා චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.
ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.
ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 10 කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ. ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම සභාවට මීට පෙර අවස්ථා හතරකදී නම් හතරක් යෝජනා කළ නමුත් එම නම් හතරම ව්‍යවස්ථාදායක සභාවේ
බහුතරය විසින් ප්‍රතික්ෂේප කළේය.
දෙපාර්තමේතුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස වසර 31 ක අඛණ්ඩ සේවා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පසුවෙයි. ඔහුව මෙම උසස් ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් මහා සංඝ රත්නය, විවිධ ක්ෂේත්‍ර වල ප්‍රාඥයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද පසුගිය සමය පුරා ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.
(ඇත්ත පුවත්පත - විදුනෙත් සියඹලාපිටිය)

