පහුගිය වසරට ම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා නිල වශයෙන් එකම සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත්, කිසිදු වෘත්තීය සමිතියකට සාකච්ඡා සටහනක් ලබා දී නොමැති බවත්, සාකච්ඡා කරන්නේ නම්, ඒ ඔවුන් සමග දේශපාලනිකව අවනත අය සමග පමණක් යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (2026-01-31)පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
සාකච්ඡා කළ ද පිළිතුරක් දීමට තරම් හැකියාවක් නලින්ද අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නොමැති අතර වෘත්තීය සමිති පිළිබඳව කටයුතු මෙහෙයවන්නේ පක්ෂයෙන් යොමු කළ වෙනම දේශපාලන කාඩරවරුන් පිරිසක් යැයි රවි කුමුදේශ් අවධාරණය කළේ ය.
එම කාඩර්වරුන් කරන්නේ ඇත්ත වෘත්ති සමිති විනාශ කර තමන්ට හිතවත් දේශපාලන වෘත්තීය සමිති නිර්මාණය කිරීම පමණක් බවත්, සෞඛ්‍ය සේවාවේ හැදෙන අලුත් ප්‍රතිපත්තිමය තීරණ කොතැන හැදෙනවා ද, ඒ සඳහා කවුරු වග කියනවා ද, ඒවායේ අරමුණු මොනවා ද යන්න කිසිවකු නොදන්නා අතර සියල්ල දේශපාලනීකරණය වි අවසන් යයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

