එක්සත් ජාතික පක්ෂය (UNP) තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් වැඩ සටහනක් දියත් කිරීම 2026 පෙබරවාරි 04වන දින සිරියකාත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ අදාළ වැඩ සටහන පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ජනතාවට සමීප, නවෝත්පාදන සහ තාක්ෂණය භාවිතා කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණ වන අතර, මෙම ඩිජිටල් වැඩසටහන දියත් කිරීම ඒ සඳහා වැදගත් පියවරක් වන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ඒක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද එම සම්පූර්ණ නිවේදනය යි.

