ශ්‍රීලනිපය මැයි දිනයට සැරසේ

ශ්‍රීලනිපය මැයි දිනයට සැරසේ

අද දේශපාලන මණ්ඩලය රැස් වී ඉදිරි මැයි දින රැළිය පවත්වන්නේ කොතැන ද, පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක...

''මේ වන විට සංවර්ධන නිලධාරීන් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. විසඳුමක් දුන්නේ නැත්නම් ඉදිරියට රැකියා විරහිත උපාධිධාරීන් වරාය විදුලි ඛනිජතෙල් සෞඛ්‍ය මේ සේරම අය පාරට බහියි. හැමදේම දෙන්න බැරිනම් පුළුවන් දේ හරි දෙන්න ඕනා. චන්ද්‍රිකා මහින්ද ආණ්ඩු තියෙනකොට ඇහුම්කන් දුන්නා. මේ ආණ්ඩුව හිතනවනම් වෛද්‍යවරු සහ වෘත්තිය සමිති බය කරලා මේවා කරන්න එහෙම ආණ්ඩු කරන්න බෑ. මේ ආණ්ඩුව තමයි ඒ කාලෙ මම පළාත් සභාවේ අවුරුදු පහක් ඉන්නකොට සතියකට සැරයක් එතන වටලලා උද්ඝෝෂණ කරේ... අපි ඇහුම්කන් දුන්නා. අපි කොළඹට සෙනඟ ගෙනල්ලා නෑ මේ වෙනකම්. නමුත් එදා විපක්ෂයේ මේ අය ඉද්දි කොපමණ සෙනඟ ගෙනල්ලා කඳුළු ගෑස් ජල ප්‍රහාරවලට ලක් වුනා ද? අද අපි පාර්ලිමේන්තුවේ විතරයි යම්කිසි දෙයක් ඉදිරිපත් කරන්නේ. මහ පාරේ කියන්නේ නෑ. කිසිම දේකට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක් තියෙන්නේ.''

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්විමට: මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන අය ද සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න