සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී විද්‍යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී විද්‍යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී විද්‍යාලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

එම සාකච්ඡාවේ දී මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී විද්‍යාලය පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම, පද්ධති ශක්තිමත් කිරීම සහ ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවා සහතික කිරීම සඳහා තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව මෙම රැස්වීමේ දී වැඩි අවධානය යොමූ කරමින් සාකච්ඡා කළ අතර, සෞඛ්‍ය අංශය තුළ නිසි මානව සම්පත් කළමනාකරණ පද්ධති හඳුන්වාදීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු කළේ ය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු විද්‍යාලයේ සභාපති වෛද්‍ය නිෂාන් සිරිවර්ධන, ලේකම් වෛද්‍ය ප්‍රවීන් ද සිල්වා, උප සභාපති වෛද්‍ය උදිත පෙරේරා, කර්තෘ වෛද්‍ය ගාමිණී කුලතුංග සහ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රදීප් සිල්වා යන අය සහභාගී වූහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

WhatsApp Image 2026 02 04 at 11.55.11 AM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න