2022 සංඛ්‍යා ලේඛන අනුව 2,63,000ක් කර්මාන්ත වසා දමලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2022 සංඛ්‍යා ලේඛන අනුව 2,63,000ක් කර්මාන්ත වසා දමලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2022 සංඛ්‍යා ලේඛන අනුව 2,63,000ක් කර්මාන්ත වැසී ගොස් තවත් 1,50,000ක් පමණ බංකොලොත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ගේ ගැටලු පිළිබඳ ව පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න

''ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ලක්ෂ 11ක් පමණ සිටිනවා. ඔවුන් ලක්ෂ 45කට රැකියා ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වයක් ලබා දෙනවා. පසුගිය කාලයේ රටේ සිදු වූ ඛේදවාචක හතරක් නිසා මොවුන්ගේ ව්‍යාපාර හා කර්මාන්ත කඩා වැටීම මොවුන් ගේ වරදක් නෙවෙයි. 2022 සංඛ්‍යා ලේඛන අනුව 263000ක් කර්මාන්ත වැසී ගොස් තවත් 150000ක් පමණ බංකොලොත් වෙලා තියෙනවා. රටේ ණය පියවන්න 2028 තෙක් සහන කාලයක් ලැබී ඇති නමුත් රටේ ආර්ථික ජීවනාලිය වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලැබෙන්නේ පරාටේ නීතිය නතර කරන විරාමයක්. ඒ කාලයේ මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොවූ නිසා බරපතළ ගැටලු රැසකට මුහුණ දී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළ යුතු යි

සහන ණයක් දෙනවා කිව්වත් මේ ණය යෝජනාවලට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ බහුතරයකට මේ ණයවලට ප්‍රවේශ විය නොහැකි ණය මර උගුලක සිර වෙලා. එම නිසා පැහැදිලි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මේ ණය වැඩසටහනට ප්‍රවේශ වන්නට අවස්ථාව දිය යුතු යි. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක සහනයක් මොවුන්ට දි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සිය ස්තූතිය පුද කරනවා. බැංකු පද්ධතිය විවිධ ඛේදවාචක තුළ පවා සුවිශාල ලාභ ලැබූ නිසා මේ ලාභ මොවුන්ට ද හිමිවිය යුතු යි. සාධාරණ ලාභයක් ලැබිය යුතු වුවත් මේ වන විට සුපිරි ලාභ ලබා ඇති නිසා ඉන් කොටසක් මොවුන් වෙනුවෙන් වෙන් කර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළ යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න