ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයක

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයක

“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව වූහ.

මෙම සංචාරයේ දී නවදිල්ලියට අමතරව ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව ඉන්දියාවේ: කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමට ද මෙහි දී කටයුතු යොදා ඇත.

මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන අය ද ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී ද සම්බන්ධ වී සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න