හදිසි නීතිය පැනවූයේ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන බැවින් යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.
හෙතෙම මෙම අදහස් පළ කළේ අද (06) හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව විවාදයට එක්වෙමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
''අපි හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, භාවිත කරන්නෙ නෑ. අපි පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ජනතාවාදී පනතක් ගෙන්න මහජන අදහස් සඳහා විවෘත කර තිබෙනවා. හදිසි නීතිය පැනවීම නිසා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හේතුවෙන් පහුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාස බවට පත් කරන්න අපිට හැකි වුණා.''

