රජය විසින් නිකුත් කරනු ලබන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් පවතින ප්‍රශ්න දෙගුණ තෙගුණ වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එමෙන් ම ඇතැම් අවස්ථාවල දී ඇතැම් නිලධාරීන් කරන ප්‍රකාශ හේතුවෙන් රජය ද අපහසුතාවයට පත් වන අතර එම වගකීම් විරහිත ප්‍රකාශ තුලින් වෘත්තීය ක්‍රියාමාර්ග වැළැක්විය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තව දුරටත් කියා සිටියේ රජය, සෞඛ්‍යයේ මානව සම්පත මුහුණ දෙන ගැටලු විසඳීමට එලඹි එකඟතා ඉටු නොකිරීමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට සිදු වන බවයි.

