රජයේ විවිධ පාර්ශවයන් විසින් මේ වන විට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ස්ථානමාරු ක්‍රියාවලිය මුලික කරගනිමින් සිදු කරන
බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය වන්නේ නිසි ක්‍රමවේදයට අනුකූලව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියමිත ක්‍රමවේදය තුළ සිදු විය යුතුය යන්න වුව ද අවාසනාවන්ත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් කිහිපදෙනෙකු ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් මේ වන විට වෛද්‍ය ස්ථානමාරු 8000 කට ආසන්න ප්‍රමාණයක් තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දීප ව්‍යාප්තව සිදු කෙරෙමින් පවතින අතර එය හේතුවෙන් පොදු මහජනතාවට යම් අපහසුතාවයක් සිදු වන්නේ නම් එහි පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බවට අවධාරණය කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් නිකුත් කළ ඇති එම නිවේදනයේ සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

