ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගනයේ පිහිටි අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළෙඳ පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.
ඊට අවශ්‍ය මූලික කටයුතු සොයා බැලීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එම භූමියේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
අදාළ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මදුරාවල නව විසිතුරු මත්ස්‍ය ආහාර ව්‍යාපෘතියක් විවෘතයි
මේ අතර, මදුරාවල නාහල්ල කටුහේන ප්‍රදේශයේ නව විසිතුරු මත්ස්‍ය වගා ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් පසුගියදා විවෘත කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 36කි.
( lankalokaya)

