ළඟදීම සභාපතිවරුන් රොත්තක් දොට්ට ! - මේ වන විටත් මුලින්පත් වූ සභාපතිවරුන් 20 ඉවතට !!

ළඟදීම සභාපතිවරුන් රොත්තක් දොට්ට ! - මේ වන විටත් මුලින්පත් වූ සභාපතිවරුන් 20 ඉවතට !!

ලබන මාසයේ මුල් සතිය වන විට රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

වත්මන් රජය බලයට පත්වූ පසු ගතවූ කාලය තුළ රජය විසින් මුලින්ම පත් කරන ලද සභාපතිවරුන් 20කට වැඩි පිරිසක් මේ වන විටත් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංගමය, කාන්තා කොමිෂන් සභාව, ගුවන් සේවා අධිකාරිය, ලංකා මිනරල් සෑන්ඩ්ස්, විදුලිබල මණ්ඩලය සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් මේ ආකාරයට ඉවත් කරනු ලැබීය.

මිනරල් සෑන්ඩ්ස් දෙවන සභාපතිවරයාත් ඉවතට

අලුතෙන්ම ඉවත් කරනු ලැබ ඇත්තේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ දෙවැනි සභාපතිවරයාය. වත්මන් රජය විසින් පත් කරන ලද එහි මුල්ම සභාපතිවරයා වූයේ ප්‍රවීණ පරිපාලන නිලධාරී අශෝක පීරිස් ය. ඔහු ඉවත් කොට පත්කරනු ලැබුවේ ගයාන් වෙල්ලාලගේ ය. විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ඔහු ද මේ සතියේ ඉවත් කරන ලදී. ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු පත් කොට ඇත.

වැඩිම ඉවත් කිරීම් අමාත්‍යවරුන් දෙදෙනකුගෙන්

අප විසින් කරන ලද විශේෂ නිරීක්ෂණයකදී හෙළිදරව් වූයේ, පසුගිය කාලය තුළ වැඩිපුරම ආයතන ප්‍රධානීන් ඉවත් කොට ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දෙදෙනා බවයි.

( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න