පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව, කථානායකවරයා ගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය..
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ද අල්ලස් කොමිසමට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහි විභාගයට අදාළ සාක්ෂි වසන් කරන බවයි සමගි ජන බලවේග මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා...
''අපි හිතනවා අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් නිසා එයට සාක්ෂි වසන් කරන්න හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න බෑ කියලා. මෙවැනි ක්‍රියා අපි හෙළා දකිනවා; අපි නැවත කියනවා මෙහි නිවැරදි පරීක්ෂණයක් කරන්න කියලා.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි...
''අල්ලස් කොමිසමේ ඇති ස්වාධීන භාවය ජනතාවට පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාව මෙය යි . එම නිසා මෙම පරීක්ෂණවලට බාධා වෙන ලෙස ක්‍රියා කිරීමට කාටවත් අයිතියක් නෑ. මේ ආණ්ඩුව: ගල් අඟුරු සිද්ධිය, විදුලිබල විකිණීමේ සිද්ධිය ඇතුළු සිද්ධි ගණනාවක දී වංචා සිදු කර තිබෙනවා.''

