වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බවත්, මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතින බවත් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සඳහන් කරයි.
එම ආයතනය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම නවතම මත විමසුම දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,048 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා කාලය තුළ පැවැත්වූ බවත්, මෙම ක්‍රමවේදය තුළ ප්‍රතිඵල 95% ක විශ්වාසනීය මට්ටමක උපරිම වශයෙන් ප්‍රතිශතාංක ±3.0 ක ආන්තික දෝෂයකට සීමා වනු ඇතැයි වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සඳහන් කරයි.

මතු පළ වන්නේ වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

