ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව අගය කිරීම රටක් ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක සහ සෘජු විදේශ ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම වත්මන් රජයේ, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අඛණ්ඩ සහ අධිෂ්ඨානශීලී ආර්ථික මෙහෙයුම් ගමනේ සාර්ථකත්වය කියා පාන්නක් බව ද හෙතෙම පවසයි.
ජනතාව ගේ කැපවීම විශිෂ්ටයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක මාවතක පැමිණ ඇති අතර ජනතාව ගේ කැපවීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්කර තිබෙන බව ද ඔහු අවධාරණය කළේ ය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අභියෝග හමුවේ වුව ද, මෙරට ජනතාව පෙන්වා ඇති ඔරොත්තු දීමේ හැකියාව සහ රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඇගයීමට ලක්ව තිබේ.
වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා සුබසාධන ප්‍රතිලාභ
මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව, 2023 වසරේ දී 03% ක සෘණ වර්ධනයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථිකය, 2024 වසරේදී සියයට 05%ක ධන ආර්ථික වර්ධනයක් කරා ළඟා වනු ඇත. වසර 2025දී ද එවැනි අගයකින් එය වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියද, තවදුරටත් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව කළමනාකාර අධ්‍යක්ෂිකාව කරුණු පැහැදිලි කර ඇත. විශේෂයෙන්ම දූෂණය පිටුදැකීම, සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම සහ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා සුබසාධන ප්‍රතිලාභ ලබා දීම යන කරුණු කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය ප්‍රකාශ කොට ඇත. සමාජ ආරක්ෂණ ජාලයන් ශක්තිමත් කිරීම හරහා දිළිඳු ජනතාව ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව ඇය කියා සිටී.
එවැනි දිරිමත් ඇගයීමක් ලැබීම සතුටු දනවන්නක් බව ආචාර්යවරයා පවසයි.
ජේ.මුණසිංහ

