Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය
අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ශාමල් පෙරේරා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥ මහාචාර්ය M.R.A. Pillai යන අයගේ සහභාගීත්වයෙන් අද (16) විවෘත කෙරිණි.
ව්‍යාපෘතිය සඳහා ඩොලර් 6,875,000ක ආයෝජනයක්
කටුනායක, කිබුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාප පරිශ්‍රයේ ඉදිකරඇති මෙම ඖෂධ නිෂ්පාදනාගාරය ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් 6,875,000 ක් ආයෝජනය කර ඇත. Access Medical Tracers (Pvt) Ltd මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර සියයට 60ක කොටස් හිමිකාරීත්වයක් එම සමාගම සතුවේ. සියයට 20ක කොටස් හිමිකාරීත්වයක් ඇක්සස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම සතුවන අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට සියයට 10ක් මෙන්ම ඉතිරි සියයට 10 සෞඛ්‍ය අමාත්‍යාංශයට හිමි ය. මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ ඉදිකරන ලද පරිශ්‍රයක මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙය වේ. FDG (Fluoro Deoxy Glucose) පිළිකා හඳුනා ගැනීම සඳහා වන PET SCAN (Positron Emission Tomography) පරීක්ෂණවලදී බහුලවම භාවිතා කරන විකිරණශීලී ඖෂධයකි. FDG (Fluoro Deoxy Glucose) ඖෂධය මූලිකවම පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය සඳහා යොදා ගැනේ.
2030 වන විට වාර්ෂිකව පිළිකා රෝගීන් 23% කින් ඉහළට
2030 වන විට වාර්ෂිකව පිළිකා රෝගීන් 23% කින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බවත්, එම භයානක තත්ත්වයට මුහුණ දීමට අප සූදානම් වී සිටිය යුතු බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ ය. මෙරට පිළිකා රෝග විනිශ්චය කිරීමට යොදා ගන්නා PET ස්කෑන් ක්‍රමවේදයට යොදාගන්නා විකිරණශීලී ඖෂධයක් වන ෆ්ලෝරෝඩියෝඔක්සිග්ලූකෝස් (FDG) ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපට සිදුව තිබෙන බවත්, මෙම විකිරණශීලී ඖෂධය නිපදවීමේ සිට පරිශීලනය දක්වා සංකීර්ණ ක්‍රියාවලියකට භාජනය වන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය. එම ඖෂධය ආනයන කර රෝග විනිෂ්චය සඳහා යොදාගන්නා අවස්ථාව වන විට විකිරණ ක්ෂය වීම හේතුවෙන් නිෂ්පාදනයේ දී තිබූ ඖෂධයේ සක්‍රීයතාවයෙන් 97% ක් පමණ අහිමි වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම හේතුවෙන් එය රෝග විනිෂ්චයේ PET ස්කෑන් නිරවද්‍යතාව පිළිබඳ ගැටළුකාරී තත්ත්වයන් මතුවන බව ද වැඩිදුරටත් පැවසීය.
මෙවැනි ව්‍යාපෘති රටට අතිශය වැදගත්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ පිළිකා රෝගී තත්ත්ව හඳුනා ගැනීම සඳහා වන PET SCAN පරීක්ෂණවල දී බහුලව ම භාවිත කරන විකිරණශීලී ඖෂධයක් වන Fluoro Deoxy Glucose) ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීම පිළිබදව සතුටට පත්වන බව ය. මෙම ෆ්ලෝරෝඩියෝඔක්සිග්ලූකෝස් (FDG) ඖෂධය සමහර අවස්ථාවල දී අඛණ්ඩව මෙරටට නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්තවයට මුහුණු දීමට සිදුවූ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින මනා කළමණාකාරීත්වය සහ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා එම ගැටලු මගහරවාගෙන අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව ද සඳහන් කර සිටියේ ය. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව විධිමත්ව ක්‍රියාත්මක කරගෙන යෑමට වාර්ෂිකව විශාල මුදලක් රජය වැයකරන බව පෙන්වා දුන් ලේකම්වරයා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙවැනි ව්‍යාපෘති රටට අතිශය වැදගත් වන බව ද ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි යි
FDG (Fluoro Deoxy Glucose) ඖෂධය මෙරටතුළ නිෂ්පාදනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම Pet Scan පරීක්ෂණ ප්‍රමාදයකින් තොරව සිදුකර ගැනීමටත්, පිළිකා රෝග විනිශ්චය වඩාත් වේගවත්ව සිදු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.ඇක්සස් මෙඩිකල් ට්‍රේසර්ස් සමාගම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සුනිල් ගලගම, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික, ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂමල් පෙරේරා, යන අය ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්


