ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම නියමිත මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී ඇත.

මෙම සංවත්සර වැඩසටහන ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලොවට විදහා දක්වන මහගු අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපති මාධ්‍ය අංශය

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 00

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 02

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න