විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්න - රවි කරුණානායක

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්න - රවි කරුණානායක

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් එය කඩිනමින් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...

''ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන්නේ 2001 සිට තිබෙන යෝජනාවක්. එහි පළමු අදියර පටන්ගත්තත් දේශපාලන අරමුණක් නිසා එය යම් විදිහකින් වෙනස් වුණා. ඉන්පසුව එය 2015 - 2017 කාලයේ දී ඒක නැවත ආරම්භ කරන්න වුණා. ඒත් එය සාර්ථක වුණේ නෑ. රට බංකොලාත් වූ පසුව 2023 දී මෙය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් ඇති කිරීමට ගොස් ඒ කාලපරිච්ඡේදය මදි වෙලා ආණ්ඩු හුවමාරුවක් සිදුවුණා. ඒ වෙනස්වීම නිසා මණ්ඩලය සමාගම් අට නමයකට කරන්න ගිය දේ අද 04කට වෙලා තියෙනවා වගේම සේවකයන්ට ස්වේච්ඡාවෙන් යෑමට තිබූ දේ යම් බාධාවක් වෙලා තිබෙනවා. මෙහි සේවක පිරිස 27000ක් පමණ සිටිනවා. තවත් තාවකාලිකව සේවය කරන 3000ක් පමණ සිටිනවා. ඒ නිසා මේ දේ හරියට කරන්න අවශ්‍ය වෙනවා. ඒත් අද වෙලා තිබෙන්නේ අර ස්වේච්ඡාවෙන් යන්න සිටින පිරිසට යන්න හැකියාවකුත් නෑ. මණ්ඩලය ඒ අයට යන්න ඉඩ දෙන්නෙත් නෑ වගේ තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. මේ නිසා අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. මෙය පුළුවන් තරම් ඉක්මනට නිරාකරණය කලොත් සේවකයන්ට වගේම පාරිභෝගිකයන්ටත් විදුලි බල මණ්ඩලයටත් හොඳක් වෙන්නේ. එය ඉක්මනින් කිරීම අවශ්‍යයයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න