පුනරුද රජය ගෙන ආ 10වන ගල්අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි - විපක්ෂ නායක

පුනරුද රජය ගෙන ආ 10වන ගල්අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි - විපක්ෂ නායක

වගකිවයුතු විපක්ෂයක් ලෙස, රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බවත්, තම පක්ෂය දිගින් දිගට ම මේ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර යැයි කියද්දී පවා 10වන නැවේ ගල්අඟුරු ද ප්‍රමිතියෙන් තොර බවට අද අනාවරණය වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙලෙස පැවසුවේ අද (28) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් අදහස් දක්වා ඇති විපක්ෂ නායකවරයා...

''පද්ධති පාලන ඒකක වාර්තා අනුව, විදුලි බල මණ්ඩල හා මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව 9 සහ 10 නැව් දෙකේම ගල්අඟුරු බාල යි. මෙගාවොට් 300ක් නිපදවිය යුතු තැන මෙගාවොට් 263ක් පළමු යුනිට් එකෙන් නිපදවන විට තුන් වැනි යුනිට් එක ද නිපදවන්නේ මෙගවොට් 275ක් පමණ යි. මේ තුළින් මේ ගල්අඟුරු බාල බවට පැහැදිලි යි. දෙවැනි ඒකකයේ ඇත්තේ රුසියානු ගල් අගුරු නිසා හරියට මෙගවොට් 300 නිපදවනවා. ඒ අනුව සමගි ජන බලවේගය දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණු ඇත්ත බවට පෙනී යනවා. මෙයට හේතුව රජය බාල ගල්අඟුරු ගෙන්වීම යි. මෙවැනි තත්ත්වයක් තිබිය දී රජය කරන්නේ හදිසි මිලදී ගැනීම් කිරීම යි. මේ හදිසි මිලදී ගැනීමට හේතුව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ඒම යි. නොරොච්චෝල බලගාරයේ වාර්තා ගැන රජය අවධානය යොමු කරන්නෙ නෑ. මේ ගල්අඟුරු වංචාවට රජය සෘජුවම වගකිව යුතු යි. අදටත් රටට ගෙන එන්නේ බාල ගල්අඟුරු. මේවාට හේතු ඉදිරිපත් කළ යුතු යි. මෙහි වාසිය යන්නේ ඉන්ධන මාෆියාවට.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න