තවත් ගල්අඟුරු නැව් 37ක් පැමිණිමට නියමිත බවත් එය ප්‍රමාද වුවහොත නැවතත් එම පාඩුව ගණනය කිරීමට සිදු වන බවත්, මේවන විටත් රජයට බිලියන 8ක පාඩුවක් සිදු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පල කළේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...
මම සැබෑ යූඑන්පි කාරයෙක්
''බාල ගල් අඟුරු විදුලි බිලට බලපෑමක් කරන්න පුළුවන්. දිට්වා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක. සලේ අත්අඩංගුවට ගැනීම පැහැදිලි නෑ. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි. පක්ෂ දෙක එකතු කරන්න අවශ්‍යයි. පක්ෂ දෙක තුළ යම් අය ප්‍රශ්න ඇති කරන්න හදනවා. මං ඒක එළිදරව් කරනවා. මම සැබෑ යූඑන්පි කාරයෙක්. අපිව නැති කරන්න හදනවා. රනිල් සජිත් එකතු වෙන්න ඕනේ. මේ අය බෙදලා තිබ්බොත් අපි ඒකෙ කොටස්කාරයෝ වෙනවා.''
ගිවිසුම අත්හිටුවන්න පුළුවන්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන්න Boi එකේ කොම්පැනි රෙගුව හරහා යනවා කියන එක කියන්න ඔනා. ඒ නිසා අපනයන ආයතන boi හරහාම යන්න එක කියනවා. මහජන උපයොගිතා කොමිසම ගියවර විදුලි බලමණ්ඩලය ඉල්ලිම් කරා වැඩි කරන්න නමුත් දුන්නෙ නෑ. දැන් 13% වැඩිකරන්න ඉල්ලනවා. ගල්අඟුරු ප්‍රශ්නය ගත්තාම ටෙන්ඩර් කැදව්වේ නැ කියලා කියනවා. මම විදුලි බලශක්ති ඇමති ඉන්න කාලේ මේ ටෙන්ඩර් ක්‍රමයට රිපොට් කැඳවීම ගෙනාවේ. දැන් 9 ක් ඇවිත් තියනවා ගල් අගුරු එකක් බානවා ඒ නමයෙම රිපොට් එක අවුල්. මෙහෙම වෙනකොට ගිවිසුම අත් හිටවන්න පුළුවන් කවුරු හරි කියනවනම් ටෙන්ඩර් කැඳව්වේ මේ කාලෙ කියලා එක අසත්‍යක්. ගල් අගුරු නැව් 37 ක් එන්න තියනවා එක පරක්කු උනොත් නවත පාඩුව ගනන් කරන්න වෙනවා දැන් බිලියන 8ක් පාඩුවක් තියනව.
ට්‍රම්ප් ගෙ වැඩ නිසා තෙල් මිල ඉහළ යන්න පුළුවන්
දිට්වා සුලි කුණාටුවෙන් වන්දි ගෙවිමෙදි 25000 හම්බ උනාට: ගෙවල් දෙනවා කිව්ව, ඉඩම් දෙනව කිව්වා, තාම වෙලානෑ. අපි අහනවා රජයෙන් කවදද මේ සහන ලැබෙන්නෙ...? දැන් දවස් 100ක් ගිහින් තිය්නවා. ව්‍යාපාරවලට ලැබෙන්න තියන ආධාර තාම ලැබිලා නෑ. ට්‍රම්ප් යන ගමන තුළ ලෝකයට අස්ථාවර බාවයක් තියෙන්නෙ. ඒ නිසා සියලු මිත්‍රශිලි රටවල් මෙකට එකතුවෙලා නිරාකරනය කරන්න ඔන. මේ නිසා තෙල් මිල ඉහළ යන්න පුළුවන්. අපි වගේ රටවලට මෙක ඉතාමත් තදබල බලපෑමක්.''
මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රවි කරුණානායක
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙ රනිල් ජනාධිපති ගෙ වැඩ පිළිවෙළ
''ගල්අඟුරු තත්ත්ව ගණනාවක් තියනවා. ප්‍රශ්නය තියෙන්නෙ තාපය ජනනය කරන්නෙ කොහොමද කියන එක. කැලරි 5900ක් කියන්නෙ ඉතා හොඳ තත්ත්වයක් නමුත් ප්‍රමාණය අඩුයි කියලා කිව්වාම කොච්චර ගල්අඟුරු දැම්මත් තාපය පිටවෙන්නෙ නෑ. මේකෙ වියදම මේ කාර්තුවේ මිලට එකතුවෙන්නෙ නෑ. ඒ කියන්නෙ 13% මිල වැඩිවිමට එකතුවෙන්නෙ නෑ. ඊට පස්සෙ මෙකෙ ප්‍රතිපල එක්ක තව කලෙකින් නැවත විදුලිබිල වැඩි වෙයි. මේ රටේ ආර්ථිකයට ප්‍රබල අභියෝගයක් ඇතිවුණේ ආර්ථිකය බංකොලොත් කියන එක තුළ. ඒක පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව කරලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මේක අරගෙන හදපු වැඩපිළිවෙළ තමයි මේ කරගෙන යන්නෙ. 2028 වෙනකොට අපි ණය ගෙවන්න ඔ්නෙ. එක කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අපනයන වර්ධනයක් ඇතිවෙන්නෙ කොහොමද?
මහ බැංකු අධිපති ජීවත්වෙන ලංකාව සහ ජනතාව ජීවත්වෙන ලංකාව
මහ බැංකු අධිපති ජීවත්වෙන ලංකාවයි ජනතාව ජිවත්වෙන ලංකාවයි වෙනස්. එදා ඉහළ ගිය රුපියල දැන් පහළ වැටිලද, එද ඉහළ ගිය ජිවන විදම අඩුවෙලාද? ලොකු කොම්පැනිවලට මේ ආර්තිකය හදාගෙන යන්නෙ. කුඩා පරිමාණ වියාපරිකයන් කීදෙනෙක් වැටුණ ද? මේ මහා බැංකුව මොනවද කරන්නෙ? මේ ක්‍රිකට් කඩා වැටිම ඉතාමත් ක්ෂණිකව වෙන දෙවල්. හිතා ගන්න බෑ කොහොමද මෙහෙම වෙන්නෙ කියලා. චිත්‍රාල් වර්තාව සකස් කරලා රනිල් වික්‍රමසිංහ ගෙනාව එක ක්‍රියාත්මක උණේ නෑ. ඒක හමස් පෙට්ටියට ගිහින්. රී බිල්ඩින් ශ්‍රිලංකා කියලා ගිණුමක් නෑ කියන්නෙ, එහෙම ගිණුමක් හදන්න මාස 2 ක් විතර යනවා. ඒක පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න ඔ්න. එතකම් එහෙම නමකින් තියන බාණ්ඩාගාරයේ ගිණුමකට ගිය එක තමයි වෙලා තියෙන්නෙ. මේක පාර්ලිමේන්තුවට ගෙනත් ඉක්මනින් සම්මත කරගන්න කියලා අපි කියනවා.
පිළිලය ඉවත් කරන්න ඇඟිල්ලක් කපන්න වෙයි ද...?
මහ බැංකු බැඳුම්කර සම්බන්ධව පරීක්‍ෂණ කරා, රනිල් වික්‍රමසිංහ යටතේ සහ කබීර් හෂීම් යටතේ වාණිජ බැංකු තිබුණා කියල කිව්වා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පරස්පර දේවල් කියලා තියෙන්නේ. පරීක්ෂණ ඉවරයි. මේ කරල තියෙන්නෙ තේ කෝප්පයක කුණාටුවක් ඇති කිරීමක් වගේ දෙයක්. මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනා ගමේ ජනතාවගේ බලාපොරොත්තුව ඒක එකතු වෙලා වැඩ කරන්න මුලින්ම ඊට පස්සේ පුළුවන් නායකයා කවුද කියලා තීරණය කරන්න. සජබ යුඑන්පි එකතු වෙනවාට අකමැති කීප දෙනෙක් ඉන්නවා ඉදිරියේ දී මම ඒ නම් හෙළි කරන්න සුදානම්. ඇඟිල්ලක් කපලා හරි මේ පිළිලය අයින් කරන්න ඕනා. ඒකට මම ඉදිරියේ දී මැදිහත් වෙනවා. සජිත්ව හලනවා ද රනිල්ව හලනවා ද කියන එක පස්සේ තීරණය කරමු.''

