මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් ගේ ජීවිත රැක ගැනීමට අප කටයුතු කළ යුතුයි - විපක්ෂ නායක

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් ගේ ජීවිත රැක ගැනීමට අප කටයුතු කළ යුතුයි - විපක්ෂ නායක

මේ මොහොත වන විට ඇමෙරිකා එක්සත් ජනපදනය ඉරානය සමග ඇති කර ගත් යුදමය තත්ත්වය තුළ මෙරට ජනතාව රැක ගැනීම සඳහා අපි කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය කළ යුතු උපරිම ක්‍රියා ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (01) අනුරාධපුර උඩුදුම්බර ජනපදයේ ශ්‍රී මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණ මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි

''මේ මොහොත වන විට ඇමෙරිකා එක්සත් ජනපදනය ඉරානය සමග ඇති කර ගත් යුදමය ක්‍රියාදාමය තුළ මුළු මැදපෙරදිග බලප්‍රදේශයම මහා දැවැන්ත යුද කලාපයක් බවට පත්ව තිබෙනවා. අප රටේ විශාල ප්‍රමාණයක් මේ කලාපයේ සේවය කරමින් රටට ඩොලර් එවීම සිදු කරනවා. මේ යුදමය තත්ත්වය තුළ මේ ජනතාව රැක ගන්න අපි කටයුතු කළ යුතු යි. ඒ වෙනුවෙන් වත්මන් රජය කළ යුතු උපරිම ක්‍රියා ඉටු කළ යුතු යි. මැදපෙරදිග කලාපයේ සිටින අප රටේ ජනතාවගේ සේවය නිසා අප රටට විදේශ සම්ප්‍රේෂණ ගලා ඒම සිදුවෙනවා. මේ විදේශ සම්ප්‍රේෂණ හරහා අප රටට අවශ්‍ය දේවල් ලබා ගත හැකි නිසා මේ ජනතාව ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් රජය පියවර ගත යුතු යි. මේ ජනතාව ගේ ජීවිත සුරක්ෂා වන විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි.

රජය ගෙන්වූ 10වන ගල්අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ගල්අඟුරු බාලයි. 10 වැනි නැවත් මේ වන විට ප්‍රමිතියෙන් තොර යි. මේ ගැන විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම පවා දැනුවත්. මීට පෙර රුසියාවෙන් ගල්අඟුරු ගෙන්වුවත් අලුත් ටෙන්ඩරය හරහා ගෙන්වූ ගල්අඟුරු නැව් 10ම ප්‍රමිතියෙන් තොරයි. ක්‍රමයේ වෙනසක් දෙනවා කියු රජයට ගොවියාවත් විදුලි පාරිභෝගිකයාවත් රැක ගැනීමට නොහැකි වී තිබෙනවා.

අද වන විට අස්වැන්නට නිසි මිලක් නෑ

රටේ ජනතාව ගෙන් බහුතරයක් ගොවිතැන් කළත් අද වන විට වී ගොවිතැන මහා පරිමාණ කඩාවැටීමකට ලක් වෙලා. වී අස්වනු නෙළුවට වී කිලෝවක් රු. 70ත් 80ත් අතර මිලකට තමයි මිලදී ගන්නෙ. වත්මන් රජය විපක්ෂයේ සිටින විට මැතිවරණ වේදිකාවේ දී වී කිලෝවට නීතියක් ලෙස රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වට අද එය නැහැ. මේ නිසා අද වන විට නිෂ්පාදන පිරිවැය හෝ ආවරණය කර ගන්න නොහැකි වී තිබෙනවා. පොහොර සහනාධාරය පවා හරියට ලැබෙන්නෙ නැහැ. දිට්වා නිසා දුන්න පොහොර සහනාධාරය පවා අහිමි වූ නිසා එය නොසලකා අලුතින්ම පොහොර සහනාධාරය දිය යුතු වුවත් රජය එවැනි දෙයක් කළේ නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න