‘‘අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ආපහු QR ක්‍රමය ගේනවා ‘‘

‘‘අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ආපහු QR ක්‍රමය ගේනවා ‘‘

මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාගෙන රැස් කිරීමට ජනතාව කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයක් පාලනය කර නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා පමණක් QR ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න