ආදි ආනන්දීය ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් විරචිත සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන් ගේ අපදානය අන්තර්ගත "ජේ.බී. : ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතාණෝ" ග්‍රන්ථය මාර්තු 6 වැනිදා සිකුරාදා පස්වරු 3.00 ට ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
මෙම උත්සවයේ මුලසුන හොබවන්නේ පූජ්‍ය, මහාචාර්ය පාතේගම ඥානීස්සර හිමි ය.
ආදි ආනන්දීය ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති, ලාල් දිසානායක, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිර ගේ, ප්‍රවීණ රූපණවේදී අමිත්ත වීරසිංහ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත ය.
පූරක දායකත්වය සපයන්නේ ආදි ආනන්දීය, ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් වටවල ය.
මෙ අවස්ථාවට සහභාගි වන ලෙස කතුවරයා සහ ප්‍රකාශන ආයතනය වෙතින් ඔබ සැමට ගෞරවනීය ආරාධනා...!
ග්‍රන්ථයේ ප්‍රකාශනයට පත් කරනු ලබන්නේ ආදි ආනන්දීය, ධනංජය කත්‍රිආරච්චිගේ "Printec" සමාගම විසිනි.


