ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) අතර හමුවක් අද (03) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.
මෙහි දී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන මෙන් ම කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා කළේ ය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබානු තානාපතිනිය අදහස් පළ කළා ය. එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.
මෙහි දී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියුබානු තානාපතිතුමියට ශ්‍රී ලංකාවේ දූත මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනැමී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
