ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත් එක් නෞකාවක සිටි නාවිකයින් ද ඇතුළු සියලු ම දෙනා ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ප්‍රසාදය පළ කරන අතර ම එය මහත් සේ අගය කරනන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන් එහි සභාපති කරූ ජයසූරිය ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

