ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයා ගැනේ

ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයා ගැනේ

ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයේ සිදුකළ නළ ළිං කැනීමකදී මෙරට විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව තිබේ.

එහි දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා පවසා සිටියේ, විනාඩියකට ලීටර් 10,000ක (ඝන මීටර 10) අඛණ්ඩ ජල ගලනයක් සිදුවන ජල මූලාශ්‍රයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බවය.

මීට පෙර මෙවැනි විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව ඇත්තේ මඩු ප්‍රදේශයෙන් වන අතර, එහි විනාඩියකට ලීටර් 7000ක ජල ගලනයක් සිදුව ඇත.

පාෂාණ ස්ථර පිළිබඳ අධ්‍යනය කර ස්ථර පැලුම් හරහා භූගත ජලය ඇති ස්ථාන, තාක්ෂණික මෙවලම් හරහා හදුනාගෙන මෙම නළ ළිඳ කැනීම සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පිටබැද්දර, මොරවක හා අවට තදාසන්න ප්‍රදේශයන්හි ජල හිඟයෙන් පෙළෙන ජනතාවට මෙම ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

(Adaderana.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න