ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම වෙලාවක සහාය – රුසියානු තානාපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම වෙලාවක සහාය – රුසියානු තානාපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හදිසි හමුවක් අද (13) දහවල් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන සැපයුම් ජාලයට ඇතිවී ඇති බාධා අතරතුර, රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වුණු බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය විජිත හේරත් රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

එහිදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම වහාම රුසියානු රජයට දැනුම් දීමට තානාපති Levan S. Dzhagaryan එකඟතාව පළ කළ අතර, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් එයට අවශ්‍ය පහසුකම් සලසා දීමට ද පොරොන්දු විය.

තවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය ලබාදීමට සූදානම් බවද තානාපතිවරයා මෙම හමුවේදී සඳහන් කළ බව ද පැවසේ.

මෙම හමුවට කම්කරු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් සහ නිලධාරීන් ද සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න