නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් වෙත භාර දෙන ලදී.
අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන්, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

