මෙගවොට් 810ක් නිපදවිය යුතු නොරොච්චෝලේ බාල ගල් අඟරු නිසා ඊයේ නිපදවා ඇත්තේ මෙගවොට් 680 යි - විපක්ෂ නායක 

මෙගවොට් 810ක් නිපදවිය යුතු නොරොච්චෝලේ බාල ගල් අඟරු නිසා ඊයේ නිපදවා ඇත්තේ මෙගවොට් 680 යි - විපක්ෂ නායක 

වත්මන් රජය රටට ගෙන එන්නේ බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය අනාවරණය කළ බවත්, නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් ඊයේ දිනයේ මෙගවොට් 810ක් නිපදවිය යුතු වුවත් නිපදවා ඇත්තේ මෙගවොට් 680ක් බවත්, මෙගවොට් 130ක හිඟය ඇත්තේ බාල ගල් අඟරු නිසා යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (14) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

බාල ගල් අඟුරු සැපයූ ආයතනයෙන් ම හදිසි මිලදී ගැනීම්

බලාගාරය නිපදවන සැම ඒකකයකින් මෙගවොට් 30 බැගින් අභ්‍යන්තර භාවිතයට ගන්නා නිසා මෙගවොට් 810ක් පමණක් නිෂ්පාදනය වෙනවා. මෙසේ උත්පාදනය වන විදුලියෙන් මෙගවොට් 130ක් හිඟයි. මෙයට හේතුව බාල ගල් අඟුරු භාවිතය යි. බාල ගල් අඟුරු යොදා ගැනීම නිසා ප්‍රමාණවත් විදුලි උත්පාදනය නොවීම නිසා ඉන්ධන බලාගාරවලින් අමතර විදුලිය ගෙන රටටත් ජනතාවටත් පාඩු සිදු වෙනවා. මේ පාඩුව රටේ විදුලි පාරිභෝගිකයන්ට දරන්නට සිදුවෙනවා. මේ බාල ගල් අඟුරු නිසා හදීසි මිල දී ගැනීමට යා යුතු යි. මේ හදිසි මිල දී ගැනීම සිදු කරන්නේ ද මෙතෙක් බාල ගල් අඟුරු ගෙන්වූ ආයතනයෙන් ම යි. මේ හදිසි මිලදී ගැනීම තුළින්ම රජය බාල ගල් අඟුරු ගෙන්වූ ආයතනයට ම නව ටෙන්ඩර් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.

පරිසරයට මෙන් ම සෞඛ්‍යයට ද මරු පහරක්

මේ බාල ගල් අඟුරු නිසා බලශක්ති ක්ෂේත්‍රයේ අනාරක්ෂිත බවක් ඇතිව තිබෙනවා. බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ වගකීම වුවත් බාල ගල් අඟුරු නිසා එය කළ නොහැකි යි. මේ නිසා උපකරණවලට හානි සිදු වීම, අළු ප්‍රතිශතය වැඩි වීම නිසා සෞඛ්‍ය හානි සිදුවීම යනාදිය සිදුවෙනවා. මේ බාල ගල් අඟුරු නිසා බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවට බලශක්ති අනාරක්ෂිතභාවයක් නිර්මාණය කර තිබෙනවා. මෙය පරිසරයට මෙන් ම සෞඛ්‍යයට ද මරු පහරක් එල්ල කරනවා. පසුගිය දිනක රජය නියෝජනය කරන බලධාරින් නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණය කිරීමට කටයුතු කළ අවස්ථාවේ පවා අඩුවෙන් විදුලිය නිපදවන බවට පෙනී ගියා. මෙය දැක දැක බාල ගල් අගුරු ගැටලුවක් නැති බවට රටට ප්‍රකාශය කිරීම වැරදි දෙයක්.

වත්මන් රජය සිදු කරන්නේ බාල වැඩක්; රටට කරන අපරාධයක්

මැදපෙරදිග යුදමය තත්ත්වය තුළ අප රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය වී ඇති මොහොතක, බලශක්ති ක්ෂේත්‍රයේ මිල වැඩි වීමක් සිදුවන මොහොතක, ජනතාව කබලෙන් ලිපට වැටී ඇති මොහොතක පවා බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදු වන්නේ විශාල හානියක්. මෙය රට කෙලෙසන දෙයක්. දැන් තියෙන්නෙ මේ පාඩුව ජනතාව ගේ කරපිට පටවන රජයක්. වත්මන් රජය මේ සිදු කරන්නේ බාල වැඩක්; රටට කරන අපරාධයක්. ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා රජය දූෂිත වංචනික ක්‍රියාදාමයක් සිදු කරනවා. වත්මන් රජය විදුලි පාරිභෝගිකයන්ට වැඩි මිලක් ලබා දී මේ දුෂණයේ බර විදුලි පාරිභෝගිකයන්ගේ කරපිට පටවා, මේ මහා වංචාවේ බර ජනතාව කරපිට පටවා ඉවරයි. මෙය අපරාධයක්. රජයට ජන වරමක් දුන්නේ මෙවා කරන්න නෙවෙයි. දැන්වත් මේ දේවල් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න