ගාලු දිස්‍ත්‍රික් අවසන් රැස්වීම ගාල්ල, හබරාදූව සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාසවල දී...

ගාලු දිස්‍ත්‍රික් අවසන් රැස්වීම ගාල්ල, හබරාදූව සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාසවල දී...

Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වනු ලබන විශේෂ රැස්වීම් මාලාවේ ගාලු දිස්‍ත්‍රික් අවසන් රැස්වීම ගාල්ල, හබරාදූව සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ කේන්ද්‍ර කොට ගෙන අද සවස ගාල්ල, උළුවටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලත්, වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳවත් මෙන්ම ආණ්ඩුව විසින් ප්‍රධාන දේශපාලන නායකයින්, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉලක්ක කර, ගෙන යනු ලබන මර්ධනකාරී වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට වෙනුවෙන් කර ඇති සේවය සහ රටේ අනාගතය ගැන සිතා ඔහු කර ඇති දැවැන්ත මෙහෙවර නැවත ‍මෙහි දී ආවර්ජනය කරනු ලැබුවේ අද වනවිට ලංකාව පත්ව ඇති තත්ත්වය නිසා ය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ඒජාප සභාපති වජිර අබේවර්ධන...

''2024 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ පුන පුන කියා සිටියේ අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න එපා යනුවෙනි. නමුත් ජනතාව එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත්, අපිවත්, අපේ වැඩපිළිවෙළත් ප්‍රතික්ෂේප කරනවා.

මේ රජය බලයට පත්වී අවුරුදු එක හමාරකට වඩා වැඩි කාලයක් ගත වී ඇත. නැවත වරක් ඉන්ධන ලබාගැනීම සඳහා එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයෙන් හඳුන්වා දුන් QR කේත ක්‍රමය ක්‍රියාවට නැංවීමට පටන් ගෙන ඇත. එසේම ජනතාවට ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල පැය ගණන් තම වටිනා කාලය වැය කිරීමට සිදුව ඇත. එදා වර්තමාන රජය විපක්ෂයේ සිට කියූ දේවල් සහ අද වනවිට ඔවුන් ‍සිදුකරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එදා ඔවුන්ට ඡන්දය දුන් ලබා දුන් ජනතාව ම දොස් නැගීමට පටන් ගැනීම ආණ්ඩුවට ඉතා අවාසිදායක තත්ත්වයක් වන බවනම් නොඅනුමාන ය.''

650836646 1455765829262304 1930108752087580581 n

651758073 1455765982595622 2733441640858694288 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න