අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම ගැන සාකච්ඡාවක්

අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම ගැන සාකච්ඡාවක්

නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය.

මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග මතුවූ තත්ත්වය පූර්ව උපකල්පන ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් නොවන බවත්, මතුවන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යමින් රටක් ලෙස මෙම අභියෝගයට සාමුහිකව මුහුණදිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතුවී ඇති ගැටලු පිළිබඳ අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන්, පවතින තත්ත්වය හමුවේ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමුකර ඇති අතර, ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයාබලන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

තවද කෘෂිකර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න