QR කෝඩ් එක දැමීමෙන් ලංකාවේ බොහෝ ව්‍යාපාර කඩා වැටෙනවා - එස්. එම්. මරික්කාර්

QR කෝඩ් එක දැමීමෙන් ලංකාවේ බොහෝ ව්‍යාපාර කඩා වැටෙනවා - එස්. එම්. මරික්කාර්

QR කෝඩ් එක දැමීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, ඌබර් කර්මාන්තය, resturant එදිනෙදා ව්‍යාපාර යනාදි සියල්ල කඩාගෙන වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (16) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...

''දැන් රජය QR ක්‍රමය අඳුන්වල දීල තියෙනවා. ඒක නිසා ජනතාවට විඳින්න සිද්ද වෙන දුක ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි මට හිතෙනවා මේ වෙලාවේ අනුර කුමාර විපක්ෂ නායක වෙලා ඉඳලා, වසන්ත සමරසිංහ විපක්ෂ මන්ත්‍රී වෙලා ඉඳලා, බිග් කුච්චන් විපක්ෂ මන්ත්‍රී වෙලා ඉඳලා, ලාල් කාන්ත විපක්ෂ මන්ත්‍රී වෙලා හිටියා නම්, දෙන ටෝක් ටික.

QR කෝඩ් එක නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය කඩන් වැටෙනවා

ඇත්ත වශයෙන්ම නිකං බැලුවා පහුගිය අවුරුදු තුන හතරේ මේ වගේ වෙලාවල්වල දී ඔවුන් කරපු ප්‍රකාශ. විජිත හේරත් පාර්ලිමේන්තුවේ ගිය සතියේ කිව්වා හෝමූස් සමුද්‍ර සන්ධිය වැහුවට ලංකාවේ තෙල්වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා. ඒ වගේම සමහර මන්ත්‍රීවරු විහිළු සහගතව කිව්වා පොල්ලෙලි ටිකක්, අපිට ප්‍රශ්නයක් නැහැ අපි සිංගප්පූරුවෙන් තමයි තෙල් ගන්නෙ කියලා. සිංගප්පූරුව කරන්නේ සිංගප්පූරු මිලදර්ශකයට අනුව තෙල් මිලදී ගැනීම. ඉතින් එහෙම ගැටලුවක් නැත්නම්, තෙල් සැපයුම හරියට තියෙනවා නම්, QR කෝඩ් එකක් දාන්න ඕන වෙන්නේ ඇයි? මෙම කෝඩ් එක දැමීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය කඩන් වැටෙනවා . කෘෂි කර්මාන්තය කඩන් වැටෙනවා. ධීවර කර්මාන්තය, ඌබර් කර්මාන්තය, resturant එදිනෙදා ව්‍යාපාර, කඩාගෙන වැටෙනවා. ඊළඟට කාන්තාවන්ට එක මිටට ගිහිල්ලා කනකර බඩු ටික උකස් කරන්ඩ ඉස්සරහට සිද්ධ වෙනවා. ඒ අස්සෙ මාලිමාවෙ ඩෝබිලා ටික කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා ඒ කාලේ තෙල් තිබුණා හැබැයි සල්ලි තිබුනේ නැති හින්දා තමයි තෙල් ගේන්න බැරි වුණේ, හැබැයි දැන් සල්ලි තියෙනවා තෙල් තමයි නැත්තේ කියලා. මතක නැද්ද දන්නෑ ඒ කාලේ කොවිඩ් ආවහම මුළු ලෝකෙ ම ලොක්ඩවුන් වෙලා තිබුණේ. මේ වෙලාවේ QR දාලා හරි මොනවා හරි කරලා තෙල් පරිභෝජනය සීමා කරන්න සිද්ධ වෙනවා කියන යථාර්ථය දක්ෂිණාංශික කඳවුරේ ඇත්ත පිළිගන්න අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් ආණ්ඩුවේ නොහැකියාවයි බොරු කීමයි මේකෙන් මතුවෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය බලපාන්නේ නැත්නම් ලංකාවේ තෙල් වලට, මෙච්චර පියවරක් ගන්නෙ ඇයි?

ගල්අඟුරු වංචාව ගැන ජනපති නිහඬ ඇයි...?

විපක්ෂයේ කාර්ය භාරය තමයි මේ ඇත්ත පෙන්වලා දෙන එක. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බොරදියේ මාළු බානවා කියලා . මේ ලංකාවේ ඉතාම සුළු පිරිසක් තමයි ඉන්නේ ගල් අඟුරු වංචාව පේන්නේ නැතිව. පුදුම වැඩේ කියන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක වැසිකිළි යන්නත් පාර්ලිමේන්තුවට දුවගෙන එනවා. හැබැයි අද මේ මොහොත වෙනකන් ගල් අඟුරු වංචාව ගැන එක වචනයක්වත් කතා කරලා නැහැ.

මේ ආණ්ඩුව ආවට පස්සේ සෘජු විදේශ ආයෝජන කොහොමත් ආවේ නැහැ

දැන් තෙල් අර්බුදයක් ඇවිල්ලා මිනිස්සු පෝලිම්වල ඉන්දැද්දි, වාහන වලට තෙල් නැතුව ඉදිද්දී කර්මාන්ත කඩාගෙන වැටෙද්දී, ව්‍යාපාර කඩා වැටිලා ආර්ථිකය සමතලා වෙද්දී, මේ යුද්ධය නිසා අපේ ප්‍රේෂණවලට බලපෑමක් ඇවිල්ලා, සංචාරක කර්මාන්තයට බලපෑම ඇවිල්ලා, අපනයනයට බලපෑම ඇවිල්ලා, ඩොලර් ආදායම එන මාර්ග හතරෙන් තුනක්ම වැහිලා. එකක් මේ ආණ්ඩුව ආවට පස්සේ සෘජු විදේශ ආයෝජන කොහොමත් ආවේ නැහැ. ඒ නිසා විශාල අනතුරක අපි මුහුණ දීලා ඉන්න වෙලාවක රජයට පුළුවන්කමක් තියෙනවා නැවෙන් බානවා කියපු ගානට තෙල් දෙන්න. මොකද රුපියල් තියෙනවා කිව්වා භාණ්ඩාගාරය පුරවලා. එතකොට රජයට ගහන බදු අඩු කරන්න පුළුවන්.බදු අඩු කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහටත් එහාට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොනවා වගේ බදු ගහලා තියෙන්නේ. මේ බදු අඩු කරන්නේ නැත්තේ ඇයි?

ගල්අඟුරු බාල නිසා 40% පමණ විදුලි උත්පාදනය අඩුවෙනවා

ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 40% පමණ ලබාදෙන්නේ ලක්විජය බලාගාරය. දැන් නැව් නමයක් ඇවිල්ලා තියෙනවා. නැව් නමයම ෆේල්. ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා තියෙන්නේ. පෙරේදා වෙනකොට මෙගාවොට් තුන්සීයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය ලක්විජය විදුලි බලාගාරය පළමුදා නිෂ්පාදනය කළේ මෙගාවොට් 130ක් අඩුවෙන්. පෙරේදා මෙගාවොට් 135ක් අඩුවෙන්. ඊයෙ වෙද්දි එකසිය තිස් දෙකක් අඩුවෙන්. මෙහෙම ගියොත් සැලකිය යුතු කාලයක්, පැය හතරක් පහක් පමණ වෙන්න පුළුවන්, ලබන මාසෙ ඉඳලා කරන්ට් කපන්න වෙනවාමයි. නමවෙනි නැව ආවට පස්සේ මේ වෙනකන් තාම නැව් ඇවිල්ලා නැහැ. අප්‍රේල් මාසයේ 22 වැනිදා වෙනකොට නැව් විසි පහක් එන්න ඕන ඉහළ ප්‍රමිතියේ ඒවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්නට නම්. එතකොට ගෙනල්ල තියෙන නැව් නමයම බාල නම්, ඒකෙන් 40% පමණ විදුලි උත්පාදනය අඩුවෙනවා නම්, ඉතුරු නැව් ටික එන්නෙත් නැත්නම්, දැන් තියෙන තත්ත්වය අනුව ඉහළ විදුලි පරිභෝජනයක් තියෙන අපේ රටට තෙල්වලින් නිෂ්පාදනය කරන විදුලිය මිලදී ගැනීමට හැකියාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.

දුක් විඳින්නෙ සමස්ත ජනතාව

ඉස්සර මේ තෙල් මිල වැඩි වෙන්න කලින් රුපියල් හැට පහකට විතර තමයි ඩීසල් වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගත්තේ. එතකොට තෙල් අඩු නම්, ලක් විජය බලාගාරයේ ගල්අඟුරු බාලවීම නිසා නැති වන විදුලිය ඩීසල්වලින් මිලදී ගැනීමට නිෂ්පාදනය කිරීමට හැකියාවක් තියෙනවාද? එහෙම නිෂ්පාදනය කළත් මෙහි අගය රුපියල් සීයකට විතර යන්න ඕන. එහෙම ගියොත් කරන්ට් කපන එකට අමතරව අනිවාර්යයෙන්ම විදුලි බිලත් වැඩි කරන්න වෙනවා. එතකොට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් තමයි මේ ලොරිටෝර්ක් කාරයෝ ටික කරලා තියෙන්නේ. අපි ඡන්දෙ දුන්නේ නැහැනේ කියලා හිනා වෙලා ඉන්න පුළුවන් උනාට, මේ රටේ ජනතාව දුක් විඳිනකොට අපිට හිනා වෙලා ඉන්න බැහැ. මේකෙන් කඩේ ගිය අය, නොගිය අය ,ඩෝබිලා, ඇත්ත තේරුම් ගත්ත අය, මේ හැම කෙනාම දුක් විඳිනවා.

නැව් නමයේ පාඩුව මිලියන 8497ක්

විදුලි බල ඇමතිවරයා මේ ගල් අඟුරු වංචාවට සෘජුවම වග කියන්න ඕන. පොහොර සංස්ථාවේ ඔහු වැඩ කරද්දී සිදුවන දූෂණ චෝදනාවලට විරුද්ධව ඔහුට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම නඩු පවරලා තියෙනවා. රාජ්‍ය සේවකයෙකුට උසාවියේ නඩුවක් තියෙනවනම් සේවයේ ඉන්න බැහැ. වැඩ තහනමට ලක්වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරයාත් රාජ්‍ය සේවකයෙක්. ඔහු වැඩ තහනමට ලක්විය යුතුයි. එසේ නොවන්නේ ඇයි? අනුර කුමාර ජනාධිපතිවරයාට මේක පේන්නේ නැද්ද?

PUSL වාර්තාව අනුව නැව් නමයේ පාඩුව මිලියන 8497ක්. ඒ තෙල් මිල වැඩි වෙන්න කලින්. දැන් ඩීසල්වලින් නිෂ්පාදනය කරන විදුලිය අරගත්තොත් මේ පාඩුව මේ වගේ 20% කින් විතර වැඩි කරන්න වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩි මිලට හරි විදුලිය ඩීසල්වලින් නිෂ්පාදනය කරන්න බැහැ මේ තියෙන තත්ත්වය අනුව. මොකද කයිය ගැහුවට තාම නැව් දෙකයි මේ මාසෙට ඇවිල්ල තියෙන්නෙ. සාමාන්‍යයෙන් CPC එකට නැව් පහක් ඕන.

ඒ දවස්වල කියපුවා දැන් මෙනෙහි කර කර ඉන්න

දැන් ජනාධිපතිතුමා කියනවා මං තෙල් ළිංවල අයිතිකාරයෙක් නෙමෙයි, මම තෙල්වල ඒජන්තයෙක් නෙමෙයි කියලා. ඒත් ඒ දවස්වල කතා කරේ හිටපු පාලකයො තෙල් ළිංවල අයිතිකාරයෝ වගේ. ඒ දවස්වල කියපුවා දැන් මෙනෙහි කර කර ඉන්න. එනිසා අපි ස්වාධීන අපක්ෂපාතී මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා 2022-2024 කාලය ඇතුළත;මේ ආණ්ඩුවේ අය වේදිකාවල මාධ්‍ය හමුවල කියපු ඒවා ටික පොඩ්ඩක් ෆේස්බුක්වල youtube වල හොයලා බලන්න. අපි කියන දේ බොරුද ඇත්තද කියල. ඒ වගේම මේ පාපිසි පොල්ලෙලිවලට අපි උත්තර දීලා වැඩකුත් නෑ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න