කයිවාරු වලින්, පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස උදුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයි එම් එෆ් තාලවලට පාද තිය තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිග හදිසි ලෝක තත්ත්වයන් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදවලට මුහුණ දී ගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ පවසයි.
ඔහු මෙ අදහස් පළ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ අද (16) උදේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
නිවැරදි කළමනාකරණයකින් යුතුව පුරාජේරු කතාවලින් හා උද්දච්චකමින් මිදී සබුද්ධිකව කටයුතු කළේ නම් මේ දැන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉතා පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට ඉඩ තිබුණ බව ද විමල් වීරවංශ අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ විමල් වීරවංශ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.

