අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

ඒ, ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මතුවන ගැටළු සහ දුෂ්කරතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීම වෙනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිටි අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති වෛද්‍යවරුන් ස්ථාන මාරුවීම් වැඩපිළිවෙළෙහි පවතින විධිවිධාන මධ්‍යයේ තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් මෙහි දී  අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගත්තේ ය.

මෙම ගැටලු විධිමත් ලෙස විසඳීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශ අතර, වඩාත් හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගනිමින් දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මේ සම්බන්ධයෙන් පවතින ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගැනීමට සහ වඩාත් ප්‍රායෝගික සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ද  පසුගියදා ආරම්භ කළ අතර,  ස්ථාන මාරුවීම් සහ අනෙකුත් පරිපාලනමය හේතූන් මත වෛද්‍ය නිලධාරීන් ගේ දරුවන්ට පාසල් ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාද සහ බාධා අවම කිරීම එම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ විය.

මෙම සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම්, සංස්කාරක විශේෂඥ වෛද්‍ය සුනිල් ආර් විජයසිංහ, ජාතික සංවිධායක විශේෂඥ වෛද්‍ය පී.ඩබ්.සී.එල් සඳකැන් වඩුගේ, මෙන්ම සංගමයේ සාමාජිකයින් වන විශේෂඥ වෛද්‍ය එස්.අයි මජිත , විශේෂඥ වෛද්‍ය  ඒ. රණවීර, විශේෂඥ වෛද්‍ය කේ.එල් ශිරෝමනී යන අයද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

ams

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න