2026/03/12 දින කොළඹ මහා නගර සභා මාසික සභා රැස්විමේ දී එක්සත් සාම සන්ධාන නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් මන්ත්‍රතුමා ගෙන ආ පහත යෝජනාව ජාතික ජන බලවේගයේ ආතිෆ් මන්ත්‍රී තුමා ස්ටීර කිරිමෙන් අනතුරුව සම්මත විය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, යනාදි පක්ෂවල මන්ත්‍රීවරුන් සභා ගැබේ නොසිටි ම දක්නට ලැබුණී.
මතු පළ වන්නේ කලීලුර් රහ්මාන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ යෝජනාව ය.
කෝරෝනා වසංගත තත්ත්වය මත එකල රටේ පැවැති වාතාවරණය හේතුකොටගෙන මරණයට පත් වුවන්ගේ දේහයන් නැගෙනහිර පළාත් මඩකළපුව දිස්ත්‍රික්ක කෝරළෛ පත්තු බටහිර ප්‍රාදේශීය සභාවේ සීමාවට අයත් ඔට්ටමාවඩි මජ්මා පුර පොදු සුසාන භුමිය තුළ මිහිදන් කරන ලදී.
එම මිහිදන් කරන ලද පිරිස් අතරේ කොළඹ මහා නගර සභා සීමාව තුළට අයත් පුරවැසියන් ද සිටි බැවින් ඔවුන්ගේ සොහොන් කොත් වෙත ගොස් ආගමික වතාවන් ඉටුකිරීමට ඉස්ලාම් භක්තියන්ට අවශ්‍ය වේ. විශේෂයෙන් සුවිශේෂී අවස්ථාවන් වන රමළාන් හා හජ් උත්සවවලදී.
එම නිසා එම උත්සවයෙන් පසු එළැඹෙන පළමු වන සෙනසුරාදා දිනය තුළ ද, අනෙකුත් ආගමික පුරවැසියන් සදහාත් උචිත දිනයක පදනම මත ද කටයුතු කරමින් ප්‍රවාහන පහසුකම් නොමැතිව ළත වෙමින් සිටින පුරවැසියන් අතුරින් අවැසි පුරවැසියන් වෙත ප්‍රවාහන පහසුකම් ලබා දිමට අවශ්‍ය කටයුතු කොළඹ මහා නගර සභාවෙන් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටි යෝජනාවයි.

