මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතඝ ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
තෙල් මිල තවත් ඉහළ යෑමේ අවදානමක්
''බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය හූති කණ්ඩායම් යුද පෙරමුණට පැමිණීම නිසා බලපෑම් රැසක් එල්ල වී අප රටට සෘජු බලපෑම් සිදුවනනවා. මේ සමුද්‍ර සන්ධිය යනු රතු මුහුද, මධ්‍යධරනී මුහුද, අරාබි මුහුද, ඉන්දියානු මුහුද ආදී සියල්ල ම එකට එකතු කරන තැනක්. හූති සටන් කරුවන් යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධිය හරහා ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුවන නිසා මේ හානිය වෙනවා. මේ නිසා තෙල් මිල ඉහළ යාම මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද සිදුවීමත් විය හැකියි. මේ නිසා ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු ඉහළ ගොස් දෛනික ජීවිතයේ වියදම් ඉහළ යා හැකි යි. බාබ් අල් මන්දාප් සමුද්‍ර සන්ධිය මග හරවා යන්න නම් සුබ පැතුම් තුඩුව හරහා යා යුතු යි. මේ නිසා ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදිය වැඩි වෙනවා. යුද අවදානම් වාරික පවා වැඩි වී බරපතළ බලපෑම් විය හැකියි.
වරායේ ආදායම් පවා අඩු විය හැකියි
එමෙන්ම ආනයන වියදම් ද වැඩි වී අපනයන ලාභ ආන්තික පවා අඩු වී යා හැකි යි. අපේ භාණ්ඩ මිල දී ගන්නා අය වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම නිසා තරගකාරීත්වය නිසා අවදානම් ඇති විය හැකි යි. සමස්ත විදේශ විනිමය අඩු වී, උද්ධමනය වැඩි වී, බඩු මිල වැඩි වී, ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී පිරිවැය මතින් තල්ලුවන උද්ධමනය කරා රට යොමුවිය හැකි යි. අන්තර් නාවුක කරන ධාරිතාව අඩු වී මුහුදු මාර්ග වෙනස් වීම, වරායේ ආදායම් අඩු වීම ඇතුළු ගැටලු මතු විය හැකියි. ඉහළ ආනයන මිල නිසා අපනයන ආදායම අඩුවීම නිසා සංචිත පහළ ගොස් රුපියල අවප්‍රමාණය වීම ද සිදුවිය හැකි යි. අත්‍යාවශ්‍ය ආහාරවල මිල, භාණ්ඩ මිල, බෙහෙත් පොහොර ආදියේද හිඟයක් මතුව සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි යි. යුරෝපය ආසියාව බද්ධ කරන වෙළෙඳ මාර්ගයක් වන මෙය තෙල් බැරල් මිලියන 6-9ත් LNG 8%ක් මේ හරහා යන, වාර්ෂිකව මුුහුදු නැව් ගොඩක් පවා යන මාර්ගයක්. මේ නිසා තෙල් හිඟයක් ඇතිව තෙල් මිල ඉහළ යා හැකි යි. 30% පමණ මූලික ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී සෑම ක්ෂේත්‍රයකටම බලපෑ හැකි යි. බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බඩු මිල වැඩි වීම නිසා උද්ධමන වැඩි වේවි
නාවුක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩු වීම නිසා සැපයුම් ජාලවලට ද බලපෑම් විය හැකි යි. යුරෝපා හවුලට අප රටෙන් යන ඇඟලුම්, තේ ආදියේ ද පිරිවැය පවා වැඩිවිය හැකි යි. අප රටේ අපනයන ආදායම් වැඩි වීමත් ආනයන වියදම් වැඩි වීමත් නිසා වැඩිපුර ඩොලර් අවශ්‍ය වෙනවා. සමස්ත තත්ත්වය තුළ ඉන්ධන මිල වැඩි වීම නිසා බඩු මිල වැඩි වීම නිසා උද්ධමන පවා වැඩි වෙනවා. සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකි යි. මේ නිසා විවිධ රටවල බලපෑම් එල්ල විය හැකි යි. කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා තිබිම බරපතළ ගැටලුවක්. ඒ නිසා නොබැදි පිළිවෙත මත පදනම්ව ධනාත්මක සම්බන්ධතා ඇති කර ගත යුතු යි. ඉන්දීය සාගරය යුද කලාපයක් වුවහොත් අප රටේ සෛරීත්වයට බලපෑම් එල්ල වනවා. මේ හූති ප්‍රහාර හරහා අප රටට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා රජය මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. මේ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු යි. රජයට මේවාට උත්තර තිබිය යුතු යි. මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තිබිය යුතු යි.''

