සමාජ මාධ්‍ය වේදිකා තුළ ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ හිරිහැර කිරීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කරන බවත්, මෙවැනි හැසිරීම් ඇයට ගැඹුරු මානසික හානියක් සිදුකරන අතර අප, සමාජය තුළ පවත්වා ගත යුතු ගරුකිරීම, මානව ගෞරවය සහ වගකීම් සහිත ඩිජිටල් සම්බන්ධතා අගයන් ද බිඳ දමන්නේ යැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන් සඳහන් කරයි.
සමාජ මාධ්‍ය වේදිකා සදාචාරාත්මක සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කළ යුතු අතර, බිය ගැන්වීම්, පුද්ගලික අපහාස හෝ සංවිධානාත්මක හිරිහැර සඳහා භාවිතා කළ යුතු ස්ථානයක් නොවන බවත්, මෙවැනි ඉලක්කගත ක්‍රියා, සයිබර් හිරිහැර, ඩිජිටල් වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම සහ විශේෂයෙන් කාන්තාවක ගේ ආරක්ෂාව හා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම් පිළිබඳව ගැඹුරු ගැටලු මතු කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන් විසින් නිකුත් කරන ලද නිවේදනය යි.

