Image

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් දිවි සැරිය නිම කරයි

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් දිවි සැරිය නිම කරයි

රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (03) අභවප්‍රප්ත විය.

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදී සිසුවෙකු වූ ඔහු, දෙදහස වසරේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය. පසුව ඔහු දිනමිණ සහ රිවිර පුවත්පත්වල ද හිරු නාලිකාවේ ද සේවය කළේ ය.

මිය යන විට හතලිස් හත්වැනි වියේ පසු වු ඔහු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ පුත්‍රයා ය.

ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයෙන අංශයේ ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්ය හිමේෂා ධර්මසේන ගේ සැමියා වූ ඔහු මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ පියා ය.

දේහය සෙනසුරාදා (04)මැදියම් රැයේ සිට ගාල්ල,බූස්ස,මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු සඳුදා පස්වවරු 500ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න