Image

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෘත්තීය ක්‍රියාමාර්ග යළි අරඹයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෘත්තීය ක්‍රියාමාර්ග යළි අරඹයි

නීත්‍යනුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන් ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන මැදිහත්වීම් හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අක්‍රමිකතාවන්ට විරුද්ධව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර ඇත.

මෙම අනීතික සහ අත්තනෝමතික ක්‍රියා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වගකිවයුත්තන් පියවර නොගැනීමේ පසුබිමක, අද දින එනම් 04. 04. 2026 වන සෙනසුරාදා දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව අද දින උදෑසන 08.00 සිට මෙරට සියලු ම රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනවල සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන් ම ඇනහිටින අතර, හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. එමෙන්ම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට යම් පීඩාවක් සිදුවේ නම්, එහි සම්පූර්ණ වගකීම වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට දේශපාලන අතපෙවීම් සිදුකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් භාරගත යුතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න