Image

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ලෝක බැංකුවෙන් නව සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ලෝක බැංකුවෙන් නව සැලැස්මක්

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව වර්ෂ 2026-2030 සඳහා ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ (Country Partnership Framework) නව සැලැස්ම හඳුන්වා දී තිබේ.

මෙම සැලැස්ම යටතේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ඩොලර් බිලියනයකට අධික ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ශක්තිමත් කරමින් පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය හරහා රැකියා අවස්ථා පුළුල් කිරීම මෙන්ම සියයට 7ක ආර්ථික වර්ධන ඉලක්කයක් සපුරාලීම අරමුණු කර ඇත.

ඒ අනුව වරාය හා ලොජිස්ටික්, බලශක්තිය, අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම මෙමගින් අපේක්ෂිතයි.

තවද කාන්තා, තරුණයන් සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමත්, අනාගත ආර්ථික හා දේශගුණික ආපදාවලට මුහුණ දීමට රටේ හැකියාව වැඩිදියුණු කිරීමත් මෙම සැලැසුම මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

 

|dinamina

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න