ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මෙරට රාජ්‍ය, පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් සමඟ හමුවක් අද (06) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කරමින් එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට බැංකු පද්ධතියෙන් ලබාගත හැකි සහාය පිළිබඳව ද එහි දී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති මාධ්‍යඅංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
