Image

ශ්‍රී ලංකන් සභාපති හදිසියේ ඉවත් වුණු හේතුව කියන්න - මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේ දී විමසයි!

ශ්‍රී ලංකන් සභාපති හදිසියේ ඉවත් වුණු හේතුව කියන්න - මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේ දී විමසයි!

ඊයේ (07) විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  පාර්ලිමේන්තුවේදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා හදිස්සියේ ම ඉවත් වූ හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළා.

ශ්‍රීලංකන් එකට වැඩිම ලාභය ලැබෙන්නෙ කොළඹ-ලන්ඩන් ගුවන් ගමන්වලින්, ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 30ක්, ඊළඟට කොළඹ-මෙල්බර්න්වලින්, ‌ඩොලර් මිලින 14ක්. ගිය සතියේ සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස්වෙනවා, ඒ වෙද්දි ඔහු සේවය කරන පෞද්ගලික සමාගම විසින් මෙල්බර්න් සහ කොළඹ අතරත්, ලන්ඩන් සහ කොළඹ අතරත් ගුවන් ගමන් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා අවසන්. එතුමා ගේ සමාගම තමයි දේශීය නියෝජිතයා (GSA) විදියට කටයුතු කරන්නෙ. මෙතනදී ගැටලුවක් මතුවෙනවා ඔබතුමාලා පත්කරපු සභාපතිවරයා ඔහු ගේ සමාගමට බිස්නස් අරන්දීලා, තමන් ගේ වැඩේ කරලා ඉවරවෙලා ඉවත් වුණා ද කියලා.‌ මේක ‌“conflict of interest” එකක් නේද'' යැයි මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

පිළිතුරු දෙමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ''ඔව්, සමහර ව්‍යාපාරිකයින් ඉන්නවා, අපි දැනුනොත් ඒක අදාළ සමාගම සමඟ “conflict of interest” තත්ත්වයක් කියලා, ඔවුන් ඉවත් කරනවා. දැන් ඒ අනුව එතුමා සභාපතීත්වයෙන් ඉල්ලා අස්වෙලා තියනවා. අනික් පැත්තෙන් ඕනම ගුවන්සමාගමක් නිසි ක්‍රමවේද අනුව ඉල්ලීමක් කළොත්, සලකා බැලීමෙන් පසුව ඔවුන්ට ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන්න අවස්ථාව ලබාදෙන්න වෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න