ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (08) ජනාධිපති කාර්යාලයේ දී ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA - Ceylon United Business Alliance) සමඟ සාකච්ඡාවකට එක්විය.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු ද ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සෙස් (CESS) බද්ද, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවතින මානව සම්පත් හිඟතාව මෙන්ම අනීතික ලෙස මෙරටට පැමිණෙන භාණ්ඩ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, බහාලුම් නිදහස් කර ගැනීම සහ එහිදී ඇති වන අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද අවධානය යොමු විය.
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව මෙහිදී අවධාරණය කරමින් රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදී ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
