Image

නුවරඑළියේ පැවැත්වෙන සැණකෙළියකට පුද්ගලික ආයතනයකින් විදුලිය; නුවරඑළිය විදුලි ඉංජිනේරු ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරයි

නුවරඑළියේ පැවැත්වෙන සැණකෙළියකට පුද්ගලික ආයතනයකින් විදුලිය; නුවරඑළිය විදුලි ඉංජිනේරු ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරයි

මෙවර නුවරඑළියේ පැවැත්වෙන වෙනත් සැණකෙළියක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය නොගෙන දේශපාලන හැන්දකින් නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් විදුලි ආයතනයෙන් විදුලි සම්බන්ධතා බෙදන බවට සැණකෙළි සංවිධායකවරුන්ගෙන් චෝදනා කරයි. නුවරඑළිය විදුලි ඉංජිනේරුවරයා ගෙන් විමසුව ද ඔහු ප්‍රකාශයක් දීම පවා ප්‍රතික්ෂේප කරයි .

nuසෑම වසරකම අප්‍රේල් මාසයේ නුවරඑළියේ සංවිධානය වන වසන්ත සැණකෙළියේ විනෝද සැණකෙළි භූමියක් සඳහා ඉල්ලුම් කළ තාවකාලික විදුලි සබඳතා ලබා නොදී එයට සමානව ම පවත්වාගෙන යන මෙම වසරේ ප්‍රථම වතාවට පැවැත්වීමට සංවිධානය කරන දේශපාලනඥයින් කිහිප දෙනකුගේ හිතවත් කණ්ඩායමකට අයත් සැණකෙළි භූමියක් සඳහා නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් වෙතින් තෙකලා විදුලි සම්බන්ධතාවයක් ලබාදී ඇති බව නුවරඑළිය නගරයේ වසර ගණනාවක් සැණකෙළි භූමි සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරන සැණකෙලි සංවිධායක ප්‍රභාත් කුමාර චෝදනා කරයි.

දේශපාලන පළි ගැනීමක්

තව ද ඔවුන් විසින් සැණකෙළි භූමිය සඳහා වරලත් විදුලි ඉංජිනේරුවරයකු ලවා සැලසුම් සකස් කර විදුලිය ඉල්ලුම් කළ ඉල්ලුම් ලිපියට පිළිතුරු වශයෙන්nu lithg අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ අංක : CGES/2026 හා 2026.03.30 දිනැති චක්‍රලේඛන ප්‍රකාරව සැණකෙළි භූමිය තුළ 100 දෙනෙකුට අධික පිරිසක් එක් රැස්වන ඕනෑම තැනකට පොදුවේ විදුලිය ලබාදීමට නොහැකි බව පවසා නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ්හි ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්. එම්. එන්. ඩී. නිසන්සලා ගේ අත්සනින් ලිපියක් මගින් දැනුම් දුන්න ද එයට වඩා අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන විශාල භූමි ප්‍රමාණයක ස්ථාපනය කර තිබෙන සැණකෙළි භූමියක් සඳහා තෙකලා විදුලිය ලබාදී ඇත්තේ නුවරඑළියේ ප්‍රබල දේශපාලකයකයින් ගේ හිතවත්කම මත ක්‍රියාත්මක වන සැණකෙළියකට බව ඔහු වැඩි දුරටත් චෝදනා කළේ ය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ දේශපාල හිතවත් කම් මත ක්‍රියාත්මක කරන සැණකෙළි භූමියේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එලෙස තම සැණකෙළි භූමියට සිදු කරන පළි ගැනීමක් හා කෙනෙහිලිකමක් වශයෙන් විදුලි සම්බන්ධතාවය ලබා නොදුන් බවයි ,

එමෙන්ම පිරිස සියයකට අධික ප්‍රමාණයක් සහභාගි වන ස්ථාන කීපයකට එකලා විදුලිය ලබාදීමටද කටයුතු කර ඇති පසුබිමක ඇතැම් ස්ථානවල එකලා විදුලි පද්ධතියකින් වෙළඳසැල් පහළවකට ආසන්නන ප්‍රමාණයකට විදුලිය ලබාදීම සිදුකර ඇති බව ද සැණකෙළි සංවිධායක පාර්ශවය නියෝජනය කරන විදුලි කාර්මික ශිල්පී ඉන්දික ප්‍රියදර්ශන මාධ්‍යයට අදහස් දක්වමින් පැවසී ය.

සැණකෙළි සංවිධායක පාර්ශ්වය දැඩි අසීරුතාවක

nu3ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර 15 කට අධික තමන් නුවරඑළිය වසන්ත සැණකෙළියේ විදුලි කාර්මික ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන අතර සෑම වසරකම වසන්ත සැණකෙළිය වෙනුවෙන් එකලා විදුලි පද්ධති කිහිපයක් සහ තෙකලා විදුලි පද්ධති කීපයක් අවශ්‍යතාවය පරිදි ලබාගත් නමුත් මෙවර විදුලි පද්ධති නිසි ආකාරව ලබා නොදීමෙන් දැඩි අපහසුතාවයට පත්වන බවයි ,

සැණකෙළි භූමි සංවිධායකවරුන් විසින් සිදුකළ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය නගරයේ ස්ථාපනය කර ඇති තවත් සැණකෙළි භූමියක් තුළ අප සිදු කළ සොයා බැලිල්ලකදී එයට තෙකලා විදුලි සබඳතාවයක් ලබාදී තිබීමක් දක්නට ලැබුනු අතර එම විදුලි පද්ධතිය ඇතැම් ස්ථානවල් වල අනාරක්ෂිත ආකාරයෙන් දක්නට ලැබීමක්ද අවධානයයට ලක් විය. තව ද නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය රථ ගාල අසල ලබා දී තිබුණු එකලා විදුලි සම්බන්ධතාවයකින් ස්ථාන පහළවකට ආසන්න ප්‍රමාණයකට විදුලිය කුඩා රැහැන්වලින් ඇද තිබුණු ආකාරයක් ද අවධානයට ලක් විය ,

nu2මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් හි විදුලි ඉංජිනේරු ධම්මික මහතා ගෙන් අප සිදුකළ විමසමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා නුවරඑළියේ නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් ආයතනට පැමිණෙන ඉල්ලීම් පිළිබඳව හා ඒ හා සම්බන්ධ ලියකියවිලි පරිශීලනය කර විදුලි සම්බන්ධතාවයන් ලබා දෙන නමුත් මෙම ගැලුව පිළිබඳ ආයතන ව්‍යුහයත් සමග තමන්ට කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි බවය .

නාලක රත්නායක - නුවරඑළිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න